බිලියනපති ඇමෙරිකන් ව්‍යාපාරික, ටෙස්ලා සමාගමේ ප්‍රධානී, ඉලොන් මස්ක් ඇමෙරිකන් ඩොලර් 100 ක මුදකලට, Pi phone යන නමින් නවතම මාදිලියේ ජංගම දුරකතනයක් මෙම 2024 වසර අවසානයේ හඳුන්වා දීමට සුදානම් වෙනවා යැයි සමාජ මධ්‍ය ඔස්සේ රාවයක් පැතිර යයි. මෙය සාවද්‍ය යැයි ටෙස්ලා සමාගම දිගින් දිගටම අවධාරණය කර ඇත.
සමාජ මාධ්‍යවල සංසරණය වන ආකාරයට, මෙම ජංගම දුරකතනය, විදුලියෙන් චාර්ජ් කළ නොහැකි බවත්, එය චාර්ජ් කළ හැක්කේ සූර්ය බලයෙන් බවත්, එහි අන්තරාජාල පහසුකම් සියල්ල ඉලොන් මස්ක්ගේ ස්ටාර්ලිංක් චන්ද්‍රිකා පද්ධතිය මගින් සිදුවනු ඇති බවත්, සඳටත්, අඟහරු ග්‍රහයාටත් සම්බන්ධ වීම මෙම ස්මාට් ෆෝන් ජංගම දුරකතනයට හැකිවනු ඇති බවත් පැවැසෙයි.
කෙසේ නමුත් රොබෝ යන්ත්‍ර සහ ස්වයංක්‍රීය මෝටර් රථ නිෂ්පාදනයට ප්‍රමුඛත්වය දී ඇති ටෙස්ලා සමාගම පෙන්වා දී ඇත්තේ ස්මාට් ෆෝන් ජංගම දුරකතන නිෂ්පාදනයට තවමත් අත ගසා නැති බවය.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ඉලෝන් මස්ක්ගේ ෆෝන් කතාව බොරුවක්