
ඉන්දීය නළු ඉර්ෆාන් ඛාන් මුම්බායිහි රෝහලකදී මීට සුළු මොහොතකට පෙර අභාවප්‍රාප්ත විය.
54 වැනි වියේ පසුවූ හෙතෙම වසර දෙකක පමණ කාලයක සිට පිළිකා රෝගයෙන් පෙළුණි.
ඉර්ෆාන් පසුගිය වසරේ මාස කිහිපයක් විදේශගතව ද ප්‍රතිකාර ලැබීය.
95 හැවිරිදි වියේ පසුවූ ඔහුගේ මව ද පසුගිය සෙනසුරාදා මරණයට පත්වූවාය.
ඇගේ අවමංගල්‍ය කටයුතුවලට සහභාගි වීමට ද ඉර්ෆාන්ට නොහැකි වූ අතර වීඩියෝ දුරකථන ඇමතුමක් මඟින් ඔහු එම කටයුතු සමඟ සම්බන්ධ වී තිබුණි.
ඉන්දීය සිනමාවේ මෙන්ම බ්‍රිතාන්‍ය සහ අමෙරිකාවේ හොලිවුඩ් සිනමාවේද ඉර්ෆාන් සිය රංගන දක්ෂතා දැක්වීය.
ස්ලම්ඩෝග් මිලියනයර්, ජුරාසික් වර්ල්ඩ්, ද ඇමේසින් ස්පයිඩර් මෑන්, ලයිෆ් ඔෆ් පයි ඔහු රඟපෑ අතිසාර්ථක ජාත්‍යන්තර සිනමා නිර්මාණ කිහිපයකි.
ඇකඩම් සම්මාන නිර්දේශිත සලාම් බොම්බේ, පිකූ, ද ලන්ච් බොක්ස්, මක්බූල්, ගුන්ඩේ ඇතුළු ජනප්‍රිය ඉන්දීය සිනමා නිර්මාණ ගණනාවකට ද ඉර්ෆාන් රංගනයෙන් එක්විය.
-226-
(හින්දුස්ථාන් ටයිම්ස් ඇසුරෙනි)
2025 නොවැම්බර් මස 04
739
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2397
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1756
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉර්ෆාන් ඛාන් දිවියෙන් සමුගනියි
පිටිගල මිලානෝ Wednesday, 29 April 2020 08:02 AM
ඉතාමත්ම දක්ෂ නළුවෙක්. කණගාටුදායක පුවතක්!