
ඉන්දීය නළු ඉර්ෆාන් ඛාන් මුම්බායිහි රෝහලකදී මීට සුළු මොහොතකට පෙර අභාවප්‍රාප්ත විය.
54 වැනි වියේ පසුවූ හෙතෙම වසර දෙකක පමණ කාලයක සිට පිළිකා රෝගයෙන් පෙළුණි.
ඉර්ෆාන් පසුගිය වසරේ මාස කිහිපයක් විදේශගතව ද ප්‍රතිකාර ලැබීය.
95 හැවිරිදි වියේ පසුවූ ඔහුගේ මව ද පසුගිය සෙනසුරාදා මරණයට පත්වූවාය.
ඇගේ අවමංගල්‍ය කටයුතුවලට සහභාගි වීමට ද ඉර්ෆාන්ට නොහැකි වූ අතර වීඩියෝ දුරකථන ඇමතුමක් මඟින් ඔහු එම කටයුතු සමඟ සම්බන්ධ වී තිබුණි.
ඉන්දීය සිනමාවේ මෙන්ම බ්‍රිතාන්‍ය සහ අමෙරිකාවේ හොලිවුඩ් සිනමාවේද ඉර්ෆාන් සිය රංගන දක්ෂතා දැක්වීය.
ස්ලම්ඩෝග් මිලියනයර්, ජුරාසික් වර්ල්ඩ්, ද ඇමේසින් ස්පයිඩර් මෑන්, ලයිෆ් ඔෆ් පයි ඔහු රඟපෑ අතිසාර්ථක ජාත්‍යන්තර සිනමා නිර්මාණ කිහිපයකි.
ඇකඩම් සම්මාන නිර්දේශිත සලාම් බොම්බේ, පිකූ, ද ලන්ච් බොක්ස්, මක්බූල්, ගුන්ඩේ ඇතුළු ජනප්‍රිය ඉන්දීය සිනමා නිර්මාණ ගණනාවකට ද ඉර්ෆාන් රංගනයෙන් එක්විය.
-226-
(හින්දුස්ථාන් ටයිම්ස් ඇසුරෙනි)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාමත්ම දක්ෂ නළුවෙක්. කණගාටුදායක පුවතක්!