IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ඉරානයට සම්බාධක පැනවීමට ඇමෙරිකාව තීරණය කරයි

ඉරානයේ තෙල් වෙළෙඳාම සම්බන්ධයෙන් ප‍්‍රමුඛත්වයක් දරන එරට මහ බැංකුවට සහ ආර්ථික ක්ෂේත‍්‍රයට අදාළ වන අයුරින් සම්බාධක පැනවීමට ඇමෙරිකා ජනාධිපති බැරැක් ඔබාමා ඊයේ (31) තීරණය කළ බව වාර්තා වේ. ඉරානය ඇමෙරිකා ඩොලර් බිලියන 662ක ආරක්ෂක වියදමින් පවත්වා ගෙන යන න්‍යෂ්ටික වැඩසටහනට විරෝධය දැක්වීමක් ලෙසත් එමගින් ඉරානයට එරෙහි ජාත්‍යන්තර පෙරමුණක් ගොඩ නැගීම තම අරමුණ බවත් ඇමෙරිකා රජය පවසයි. නව සම්බාධක පැනවීමත් සමග ලොව බොහෝ රටවලට ඉරානයේ තෙල් වෙළෙඳපොළ හෝ ඇමෙරිකාවේ දැවැන්ත ආර්ථිකය යන දෙකින් එකක් තෝරා ගැනීමට සිදු වන බව දේශපාලන විශ්ලේෂකයෝ පවසති. නව නීතිය යටතේ ඉරාන මහ බැංකුව සමග ගනුදෙනු සිදු කරන වෙනත් ජාත්‍යන්තර මහ බැංකුවලට ද යම් කිසි සීමාවන්ට යටත් වීමට සිදු වේ. එහිදී චීනය සහ රුසියාව සමග ඇමෙරිකාව අතර තිබෙන සබඳතාවටද අහිතකර බලපෑම් එල්ල විය හැකි බවට මත පළ වේ. ඉරානයට එරෙහිව නව සම්බාධක පැනවීම සම්බන්ධයෙන් ඇමෙරිකා කොන්ග‍්‍රස් මණ්ඩලයේ පූර්ණ අනුමැතිය ලැබී ඇති බව වාර්තා වේ.



අදහස් (0)

ඉරානයට සම්බාධක පැනවීමට ඇමෙරිකාව තීරණය කරයි

දේණුක සුනිල් Tuesday, 03 January 2012 08:58 AM

ඉරානයට සම්බාධක පැනවීමට ඇමෙරිකාව තීරණය කිරීම වැරැදියි. අන් රටවල් ඇමෙරිකාවට ඕන විදිහට නටන්න දෙන්න එපා

:       0       0

asa Tuesday, 03 January 2012 12:25 PM

ඉරානයට දෙවියන් දෙනවා, ඇමෙරිකාවට ද දෙනවා නමුත් ලොව හිගන රට ඇමෙරිකාව බවට පත්වෙනවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 227 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 173 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site