ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන ඉලක්ක කර ගෙන එරටට පහර දීමෙන් වැළැකී සිටින්නැයි ඇමෙරිකාවේ ප‍්‍රධාන මාණ්ඩලික නිලධාරී ජනරාල් විලියම් ඩෙම්සි සහ බි‍්‍රතාන්‍ය විදේශ ලේකම් විලියම් හේග් ඊශ‍්‍රායලයෙන් ඉල්ලීමක් කරයි. ඊශ‍්‍රායලය, ඉරානයට ප‍්‍රහාරයක් එල්ල කළ හොත් එයින් අරාබි ගල්ෆ් කලාපයේම විශාල අර්බුදයක් නිර්මාණය වනු ඇතැයි ජනරාල් ඩෙම්සි සහ විදේශ ලේකම් හේග් පෙන්වා දෙති. ඉරානයේ හිතුවක්කාර න්‍යෂ්ටික වැඩසටහනට එරෙහිවෙමින් එය ‘මට්ටු කිරීමට’ නම් කළ හැකි එකම දේ ප‍්‍රහාරයක් එල්ල කිරීම නොව ඉරානයේ තෙහෙරාන් පාලනයට එරෙහිව වඩ වඩාත් සම්බාධක පැනැවීමට සහාය දීම යැයි ද ඩෙම්සි සහ හේග් ඊශ‍්‍රායල බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති. ඔවුන් දෙදෙනා මේ බව කියා සිටියේ පෙරේදා (19) ජෙරුසිලමේ සංචාරයකට පැමිණ ඊශ‍්‍රායල අගමැති හමුවූ අවස්ථාවේදීය. ඉරානයට එරෙහිව ඇමෙරිකාව සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය මේ වන විට පනවා ඇති අන්තර්ජාතික සම්බාධක තමන් පිළිගන්නා බව ඊශ‍්‍රායලය පැවැසුව ද ඔවුන් තරයේ කියා සිටින්නේ ඉරානයට හමුදා ප‍්‍රහාරයක් එල්ල කළ යුතු බවය. ඉරානය ලෝකයේ ත‍්‍රස්තවාදය පතුරුවන බවට ද ඊශ‍්‍රායලය චෝදනා එල්ල කරයි. මේ අතර ඉකුත් සතියේ ඉන්දියාවේ, තායිලන්තයේ සහ ජෝර්ජියාවේ තානාපති කාර්යාල නිලධාරීන් ඉලක්ක කර ගනිමින් බෝම්බ පුපුරුවා හැරීමට ඉරාන නියෝජිතයන් උත්සහ කළ බව ඊශ‍්‍රායලය චෝදනා කළේය. ඉරානය එම චෝදනා ප‍්‍රතික්ෂේප කළ නමුත් තායිලන්තයේ ඊශ‍්‍රායල තානාපති කාර්යාලයට පහර දීමට පැමිණි තරුණයා ඉරාන ජාතිකයකු යැයි අනාවරණය විය.
2025 දෙසැම්බර් මස 18
165
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
151
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
958
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉරානයට පහර දෙන්න එපා