
ඉරානයේ තෙහෙරාන් අගනුවර සිය නිවසේ සිටි හමාස් නායක ඉස්මායිල් හානියේ මරා දැමීමට ඊශ්‍රායලය සමත් විය. ඊශ්‍රායල ආරක්ෂක අංශ මෙම වික්‍රමය සිදු කළේ ඇමෙරිකාවේ ද සහාය ඇතිව යැයි නිල නොවන මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
ඉස්මායිල් හානියේ යනු ගාසා තීරයේ හමාස් සංවිධානයේ දේශපාලන අංශ නායකයාය. හමාස් සංවිධානය දේශපාලන අංශයකින් සහ සන්නද්ධ අංශයකින් සමන්විතය. ගාසා තීරයේ සටන් විරාමයක් පැවැත්වීම සම්බන්ධයෙන් දිගින් දිගටම ඊශ්‍රායල බලධාරීන් ද සමඟ සාකච්ඡා පැවැත්වීම කළේ ද හානියේය.
හමාස් නායක ඉස්මායිල් හානියේට ඉරානයේත්, ලෙබනනයේත් නිවාස ඇත. ඔහු ඉරානයේ තෙහෙරාන් බලා ගොස් තෙහෙරාන් නිවසේ රැඳී සිටියේ ඉරාන ජනාධිපති ධුරයට පත් වුණු මසූඩ් පෙසෙෂ්කියන්ග් දිවුරුම් දීමේ උළෙලට සහභාගී වීම සඳහාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනුන්ගේ ජීවිත වලට ගරු කරන අයගේ ජීවිත වලට ගරුකරමු.
අපේ කතානයකත් මේ දවස්ව්ලා ඉරානයේ
ඊශ්‍රායලයට හොදයි