IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


ඉරානය මරාගෙන මැරෙන ප‍්‍රහාරයකට සැරසෙනවා

කුඩා නාවික යාත‍්‍රා යොදා ගනිමින් ඉරාන නාවික හමුදාව ඇමෙරිකා යුද නැව්වලට මරාගෙන මැරෙන ප‍්‍රහාර එල්ල කිරීමට සැරසෙන බව ඇමෙරිකා නාවික හමුදාපති වයිස් අද්මිරාල් මාක් ෆොක්ස් පවසයි. එම මරාගෙන මැරෙන ප‍්‍රහාරය එල්ල කරනු ඇත්තේ ඉරානය හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට කටයුතු කළහොත් ඊට එරෙහිව ප‍්‍රහාරයක් එල්ල කිරීමට සූදානමින් සිටින ඇමෙරිකා යුද නැව්වලටය. මේ වනවිටත් තම දැවැන්ත යුද නැව් ගල්ෆ් මුහුදේ සීරුවෙන් තැබීමට ඇමෙරිකාව කටයුතු කර ඇත. ගල්ෆ් කලාපයේ රටවල තෙල් අපනයන කටයුතු බහුලව සිදුවන්නේ ඉරානය අසල පිහිටි හෝමූස් සමුද්‍ර සන්ධිය ඔස්සේය. එම සමුද්‍ර සන්ධිය වසා දමා එම තෙල් අපනයන කටයුතුවලට බාධා කරන බවට ඉරානය තර්ජනය කර තිබේ. ඒ, ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල් එක්වී ඉරානයට එරෙහිව සම්බාධක පැනැවීම නිසාය. ඉරානය එසේ කළොත් ඇමෙරිකා නාවික හමුදාව ඉරානයට පහර දෙන බවත් ඇමෙරිකා නාවික හමුදාපති වයිස් අද්මිරාල් ඇමෙරිකාවේ ෆොක්ස් නිවුස් පුවත් නාළිකාව සමඟ සම්මුඛ සාකච්ඡුාවකට එක් වෙමින් ප‍්‍රකාශ කළේය. ”ඉරානය ඔවුන් සතුව ඇති සබ්මැරීන 10 ක් මේ වනවිටත් හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගල්ෆ් මුහුදට යවා තිබෙනවා. නාවික යාත‍්‍රාවලට අමතරව ඔවුන් කුඩා ප‍්‍රමාණයේ බෝ්ට්ටු මරාගෙන මැරෙන ප‍්‍රහාර එල්ල කිරීමට යොදා ගන්නා බවට අපට තොරතුරු ලැබී තිබෙනවා” යැයි වයිස් අද්මිරාල්වරයා වැඩි දුරටත් කියා සිටියේය. ඊට අමතරව දිගු දුර සහ කෙටි දුර මිසයිල ද ඉරාන නාවික හමුදාව සතුව ඇතැයි ඇමෙරිකන් නාවික හමුදාව වැඩි දුරටත් කියා සිටියි.



අදහස් (0)

ඉරානය මරාගෙන මැරෙන ප‍්‍රහාරයකට සැරසෙනවා

අධිකාරම් Tuesday, 14 February 2012 03:35 PM

ඇමෙරිකාව කරන වැඩවලට මරාගෙන මැරෙන්න තමයි වෙන්නේ..

:       0       0

රංජිත් Tuesday, 14 February 2012 03:48 PM

තුන්වන ලෝක යුද්ධය අත ලග..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 131 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 42 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 740 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site