IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඉරානය ඇමෙරිකාවෙන් තිරිඟු මිලට ගන්න සැරසේ

න්‍යෂ්ටික වැඩසටහන හේතුවෙන් බටහිර රටවල් පැනවූ ආර්ථික සහ වෙළෙඳ සම්බාධකවලින් මිරිකී සිටින ඉරානය, ඇමෙරිකාවෙන් තිරිඟු මිලදී ගෙන රටේ ආහාර සංචිත ඉහළ දැමීමට බලාපොරොත්තු වේ. ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල් ඉරානයට එරෙහිව සම්බාධක පනවා ඇත්තේ ඉරාන පරමානු බෝම්බ නිපදවන බවත් එය ලෝකයට තර්ජනයක් බවත් පවසමින්ය. එහෙත් ඉරානය තරයේ කියා සිටින්නේ තමන් පරමාණු බෝම්බ නිපදවන්නේ නැති බවය. ඇමෙරිකා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කියා සිටියේ ඉරානය ටොන් 1,20,000 ක ඇමෙරිකන් තිරිගු තොගයක් මිලදී ගත් බවය. ඉරානය සහ ඇමෙරිකාව අතර සිදුවූ එම ගනුදෙනුව ඓතිහාසික වෙළෙඳ ගනුදෙනුවක් බව ද ඇමෙරිකාව වැඩි දුරටත් කියා සිටියි.



අදහස් (0)

ඉරානය ඇමෙරිකාවෙන් තිරිඟු මිලට ගන්න සැරසේ

තිලින Tuesday, 06 March 2012 10:05 AM

අනිත් රටවලට කිසිමගනුදෙනුවක් ඉරානෙත් එක්ක කරන්න එපා කියලා ඇමෙරිකාව කොහොමද එහෙම කරන්නේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 191 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 160 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site