
ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි, හදිසියේම රුසියාවට ගොස් ඇති අතර, ඔහු රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතය. ඒ, ඇමෙරිකාවෙන් එල්ල වුණු ප්‍රහාරය සම්බන්ධයෙනි.
ඇමෙරිකන් ප්‍රහාරයෙන් පසු ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි, තුර්කියට ගිය අතර ඔහු තුර්කියේ ඉස්තාන්බුල් නුවර සිට මාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක් ද කළේය. ඒ, ඇමෙරිකාව තම න්‍යෂ්ටික ඉලක්ක වෙත එල්ල කළ ප්‍රහාර නීති විරෝධී බව පෙන්වා දෙමිනි.
ඉරාන විදේශ අමාත්‍යවරයා එම මාධ්‍ය හමුවේ දී ද පැහැදිලි කළේ තමන් මොස්කව් බලා යන බවත්, රුසියන් ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා පවත්වන බවත්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd