ඇමරිකා එක්සත් ජනපදයේ මුහුදු සීමාව ආසන්නයටම තම යුද නෞකා මෙහෙයවීමට ඉරානය කටයුතු කරමින් සිටින්නේයැයි වාර්තා වේ.
මෙසේ කරනුයේ යුද්ධයක් සදහා අරඇදීමක් ලෙස නොව ගල්ෆ් කලාපයේ ඇමරිකා නාවික ක්‍රියාකාරකම් පිළිබඳව තමනුත් ඇස ගසාගෙන සිටින්නේයැයි ඇමරිකාවට පෙන්වීමට බව ඉරානය කියයි.
මේ වන විටත් ඉරාන ප්‍රහාරක නෞකාවක් හා ඊට ආධාර පිණිස ආධාරක නෞකාවක් ඇමරිකා මුහුදු සීමාව කරා ගමන් කරමින් තිබේ.
බටහිර බලවතුන් හා පසුගිය වසරේ අගභාගයේදී එළැඹි ගිවිසුම අනුව ඉරානය තම න්‍යෂ්ඨික වැඩපිළිවෙළට සීමා පැනැවීමට කටයුතු කළ අතර ඊට ප්‍රතිචාර ලෙස ඉරානයට පනවා තිබූ සම්බාධක ළිහිල් කිරීමට බටහිර රටවල් කටයුතු මේ වන විට කටයුතු කර ඇත.
නමුත් බටහිර රටවල් කෙරෙහි දරන ආකල්පයේ කිසිදු වෙනසක් සිදුවී නැති බව ඉරානයේ මෙවන් ක්‍රියාකාරකම් වලින් පෙනී යන කරුණකි.
සම්බාධක ළිහිල් වීම හා බටහිර රටවල් අරබයා ඉරානයේ ඉස්ලාම් විප්ලවය සිදුවී වසර 35 ක් ගෙවුණු පසුගියදා විශේෂ කතාවක් කළ ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කුමේනී ඉරානය බටහිර රටවලට එරෙහිව කටයුතු කරන්නේ අන් කිසිදෙයක් නිසා නොව ඔවුන් මුළු ලොවේම කටයුතු සිදුවිය යුත්තේ ඔවුන්ට වුවමනා ලෙස යැයි සිතා සිටීම නිසා යැයි පැවසුවේය.බටහිර රටවල නායකයින් තමන් ඉරානයේ පාලන තන්ත්‍රය වෙනස් කිරීමට අදහස් නොකරන්නේයැයි පැවසුවද ඔවුන්ට අවශ්‍ය වී තිඛෙන්නේත් එයම බවත් මෙනිසා ඔවුන් මත නොයැපී රටේ ආර්ථීකය ගොඩනැගීමට දේශීයව සපයා ගත හැකි සම්පත් යොදා ගත යුතුව ඇති බවත් ඔහු කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සහතික ඇත්ත!!! (දී)
රටේ ආරක්ෂාව රැකගන්න දේශීය ආර්ථිකය නංවන්න ඕනේ කියන එක හරි වැදගත් අපිටත්. බටහිරින් රටවල් බෙදන්න ආණ්ඩු වෙනස් කරන්න හදන එක ට මූණ දෙන්න ඕනේ එහෙමයි. කියන ඒවාට හා කියල උදවු ගන්න ක්‍රමය භයානකයි.(නදී)
ඇමරිකාව අත හැරලා එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙනුවට වෙනත් සංවිධානයක් හදමු (අ)
කතාවනම් ඇත්ත තමයි, නමුත් මේ යවපු නැව් දෙක යුදමය ශක්තිය අතින් ඇමෙරිකානු නාවික බලය සමග සංසන්දනය කරනවා තබා හිතන්නවත් බැහැ. ඇමෙරිකාවේ මාධ්‍යවල මේ ගැන සදහන් උනේ වැඩිහිටියන්ගේ අවදානය ගන්න කුඩා දරුවෙක් දග වැඩ කරනවා වගේ කියලා.(නදී)
මම නම් ලෑස්තියි. (ත)
ලෝකේ විනාසේ. ඉරානෙන් සහ ඇමරිකාවෙන් දෙගොල්ලම ඉවසුවොත් තව අවුරුදු 400 ක් කල්පවති.(නදී)
ඉරානය කියන කතාව අපිටත් හරි. (නදී)
ඔය ඇමරිකාවට ගහන්නයි තියෙන්නේ.(නදී)
මල්වාන එක නම් නියම වැඩේ. නමුත් එහෙම කරන්න ගියොත් ඒකත් හරියටම පසුගියදාජයත්‍යන්තර ක්‍රිකට් සම්මේලනයේ ජන්දයේ දී අපිත් එක්ක පකිස්තානය තනි උනා වගේ වේවිද දන්නේ නැහැ. (දී)
අනේ ඔය මෝඩයන්ගේ නැව් 2 කට කරදර කරන්න එපා ..... (දී)
අපත් දේශීය වෙලා ඉන්නේ .බලන්න චීන ජාතිකයන් කරපු ආපනසාලා වෙනුවට දැන් අපිට අපේම "චය්නීසී රෙස්ටුරන්ට්" තියෙනවානේ . උගුර කඩාගෙන සිංහලෙන් සමහරු කෑගාවට ගමන පයින් (අ).
මමනම් හිතන්නේ ඉරනයට තවම ශක්තිය මදි කියලා. හේතුව ඇමරිකාව තවත් ශක්තිමත් වෙන එක තමයි.(නදී)
තවත් ලොකු යුද්ධයක් ඇත ලඟයි කියලයි මට හිතෙන්නේ (දී)
අපි ඉරානයත් එක්ක.(නදී)
කට්ටිය හීන දකිනවා.(නදී)