ලතින් ඇමෙරිකා රටවල සංචාරය කරන ඉරාන ජනාධිපති මොහොමඞ් අහමදිනෙජාද් පෙරේදා (11) කියුබාවට පැමිණි අවස්ථාවේදී හවානා විශ්ව විද්‍යාලයෙන් ඔහුට ගෞරව උපාධියක් පිරි නැමීය. ජනවාදය ලෝකයෙන් තුරන් වී යන බවත් නව මුහුණුවරකින් යුත් සමාජ සාධාරණය මත ගොඩනැගුණු නව සමාජ ක‍්‍රමයක් ලොවට දැන් අවශ්‍ය වී ඇති බවත් හවානා විශ්ව විද්‍යාලයේ සිසුන් අමතමින් ජනපතිවරයා විශේෂ දේශනයක් ද පැවැත්වීය. ලෝකයේ අසාධාරණයට ලක් වෙමින් සිටින ලක්ෂ සංඛ්‍යාත ජනතාවට යුක්තිය සහ සාධාරණය ලබා ගැනීම විශාල අභියෝගයක් යැයි ඉරාන ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේය. වෙනිසියුලාවේදී හියුගෝ චාවේස්ගෙන් මෙන්ම කියුබා නායක රාවුල් කස්ත්‍රෝගෙන් ද ඉරාන ජනාධිපතිවරයාට ඉතා උණුසුම් පිළිගැනීමක් ලැබුණි. එම අවස්ථාවේදී ඉරාන-කියුබා මිත‍්‍ර සබඳතා ශක්තිමත් කර ගැනීමට තමන්ට හැකිවූ බව ජනාධිපති අහමදිනෙජාද් කියා සිටියේය. කියුබාවේ බලශක්ති අර්බුදයට විසඳුම් සෙවීමට න්‍යෂ්ටික බලාගාර ඉදිකිරීමට ඉරානයේ සහාය ලබාදීමට ද ජනාධිපති අහමදිනෙජාද් පොරොන්දු වූයේය. බලශක්ති අවශ්‍යතා සපුරා ගැනීමේ අරමුණින් න්‍යෂ්ටික වැඩසටහනක් ඇරැඹීමට කියුබාවට පූර්ණ අයිතියක් ඇති බව ඉරාන ජනාධිපතිවරයා එහිදී කියා සිටියේය.
2025 දෙසැම්බර් මස 18
227
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
173
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
979
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉරාන ජනපතිට හවානා සරසවියෙන් ගෞරව උපාධියක්