ෂියා මුස්ලිම්වරුන් ඉලක්ක කරගනිමින් ඉරාකයේ නගර හතරක ඊයේ (20) බෝම්බ පහක් පුපුරා ගිය අතර එයින් 23 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලබා රෝහල් ගත කළ ගණන 140 කි. ජීවිත හානි රැසක් සිදුවූයේ කර්බාලා නුවර ෂියා මුස්ලිම් පල්ලියක් ඉදිරිපිට පුපුරා ගිය අධි බලැති බෝම්බ දෙකෙනි. එහිදී 15 දෙනකු මියගිය බවත් 39 දෙනෙකු තුවාල ලැබූ බවත් වාර්තා වේ. එම බෝම්බ පිපිරීමෙන් පැය කීපයක් ගත වෙද්දී තවත් බෝම්බ තුනක් බැග්ඩෑඞ් නුවර ෂියා මුස්ලිම් දේවස්ථාන තුනක පුපුරා ගියේය. බෝම්බ පිපිරීම් සිදුවූයේ ඇමෙරිකා හමුදා ඉරාකය ආක‍්‍රමණය කර සදාම් හුසේන්ගේ පාලනය පෙරළා දැමීමේ නව වැනි සංවත්සරය සමරද්දී යැයි ඉරාක මාධ්‍ය වාර්තා කරයි. බෝම්බ පිපිරීම්වලට හසුවී තුවාල ලබා රෝහල් ගතකළ අයගෙන් 30 දෙනකුගේ තත්ත්වය බරපතළ බවත්, මියගිය ගණන තවත් ඉහළ යා හැකි බවත් රෝහල් ආරංචි මාර්ග බිය පළ කරයි. ඉරාක ආරක්ෂක අංශ පවසන්නේ මෙය සුන්නි මුස්ලිම් සටන්කාමීන් විසින් සිදු කරනු ලැබූ බෝම්බ ප‍්‍රහාර බවය. කෙසේ නමුත් ප‍්‍රහාරවල වගකීම තවමත් කිසිවකු විසින් බාර ගනු ලැබ නැත. සුන්නි සහ ෂියා මුස්ලිම්වරුන් අතර ගැටුම් 2006 සහ 2007 වර්ෂවලදී උග‍්‍ර විය. එහෙත් ඉකුත් පෙබරවාරි මාසයේ සිට එම ගැටුම් යළිත් වරක් උත්සන්න වෙමින් පවතී. ඒ, ඉකුත් වසරේ දෙසැම්බර් මාසයේදී ඇමෙරිකා හමුදා ඉරාකයෙන් පිටවී යෑමෙන් පසුවය. බෝම්බ ප‍්‍රහාර සහ ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවලින් ඉකුත් පෙබරවාරි මාසයේ පමණක් මියගිය ගණන 150 කි.
2025 දෙසැම්බර් මස 18
181
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
156
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
961
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉරාකයේ නගර හතරක බෝම්බ පිපිරී 23 ක් මරුට