
බන්ධනාගාරගත කර සිටින හිටපු පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන්ගේ දකුණු ඇසෙහි පෙනීම ඉතා දුර්වල බවත්, ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය ද දැඩි ලෙස පිරිහීමට ලක්වී ඇති බවත් අධිකරණය විසින් පත් කරන ලද නීතිඥවරයකු පවසා ඇති අතර, පාකිස්තාන මාධ්‍ය වාර්තා කළේ ඉම්රාන් රෝහල්ගත කිරීමට බන්ධනාගාර බලධාරීහු පියවර ගත් බවය.
බන්ධනාගාරගත කළ ඉම්රාන්ගේ තත්ත්වය සොයා බැලීමට අධිකරණය විශේෂ නීතීඥවරයකු පත් කළේ, ඉම්රාන්ට බැලීමට ඔහුගේ පවුලේ අයට හෝ ඔහුගේ නීතීඥවරුන්ට හෝ ඉඩ ලබා නොදීමට බන්ධනාගාර බලධාරීන් පියවර ගැනීමත් සමඟය.
ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පත් කරනු ලැබූ බැරිස්ටර් සල්මන් සෆ්දාර්, පසුගිය දා ඉම්රාන් ඛාන් සමඟ පැය දෙකක සාකච්ඡාවක් පවත්වා ඔහු රඳවා සිටින ස්ථානය පරීක්ෂා කිරීමෙන් අනතුරුව, පිටු හතක සවිස්තරාත්මක වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කර ඇති බව ද පැවැසෙයි.
විවිධ චෝදනා මත 2023 අගෝස්තු මාසයේ සිට සිරගතව සිටින 73 හැවිරිදි ඉම්රාන් ඛාන්ගේ පිරිහෙන සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් මෙම වාර්තාවට ඇතුළත් බව පාකිස්තාන මාධ්‍ය වාර්තා කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd