IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඉන්දියාවේ ඊශ‍්‍රායල තානාපති රියකට බෝම්බ ප‍්‍රහාරයක්

ඉන්දියාවේ ඊශ‍්‍රායල තානාපති කාර්යාලයට අයත් මෝටර් රථයකට පෙරේදා (13) බෝම්බ ප‍්‍රහාරයක් එල්ල වූ අතර ඉන් එහි රියැදුරු සහ තානාපති කාර්යාල නිලධාරීහු තිදෙනෙක් තුවාල ලැබූහ. එම සිද්ධියෙන් පැය කිහිපයකට පසු ජෝර්ජියාවේ ඊශ‍්‍රායල තානාපතිවරයාගේ මෝටර් රියට සවිකර තිබූ බෝම්බයක් නිෂ්කී‍්‍රය කිරීමට ආරක්ෂක අංශ නිලධාරීහු සමත් වූහ. ඉන්දියාවේ ඊශ‍්‍රායල තානාපති කාර්යාලයට අයිති මෝටර් රථයට බෝම්බ ප‍්‍රහාරය එල්ල වූයේ නවදිල්ලි නුවරදීය. මෝටර් රථය පෙරේදා සවස 3 ට පමණ ඊශ‍්‍රායල තානාපති කාර්යාලයෙන් පිටවී ගමන් කරමින් තිබියදී යතුරු පැදියකින් පැමිණි පුද්ගලයකු මෝටර් රථයේ චුම්බක බෝම්බයක් සවිකොට පලා ගිය බවත් එය පුපුරා මෝටර් රථය ගිනි ගත් බවත් නවදිල්ලි පොලිසිය පවසයි. පිපිරුමට සහ ගින්නට හසුවීමෙන් ඊශ‍්‍රායල තානාපති කාර්යාල නිලධාරිනියක්, තවත් නිලධාරීහු දෙදෙනෙක් රියැදුරා තුවාල ලැබූහ. ඔවුන් කඩිනමින් රෝහල් ගත කෙරුණි. තානාපති කාර්යාල නිලධාරිනියගේ තත්ත්වය බරපතළ යැයි නවදිල්ලි රෝහල් ආරංචි මාර්ග පවසයි.  ප‍්‍රහාරයට හසුවෙද්දී යෙෂෝෂුවා කොරේන් නමැති එම නිලධාරිනිය, දරුවන් දෙදෙනා පාසලේ සිට නිවසට රැුගෙන යෑමේ අරමුණින් තානාපති කාර්යාලයෙන් පිටව ගොස් ඇතැයි ඊශ‍්‍රායල තානාපති කාර්යාලය නිවේදනය කළේය. නවදිල්ලි නුවර සිදුවූ ප‍්‍රහාරයෙන් පැය කිහිපයකට පසු   ජෝර්ජියාවේ ටිබ්ලීසි නුවර ඊශ‍්‍රායල තානාපතිවරයාගේ මෝටර් රථයේ සවිකර තිබූ බෝම්බයක් තානාපති කාර්යාල නිලධාරියකුට දකින්න ලැබී ඇති අතර ඔහු ඒ පිළිබඳ ජෝර්ජියා ආරක්ෂක අංශ වෙත දැනුම් දුන්නේය. බෝම්බ නිෂ්කී‍්‍රය නිලධාරීන් පැමිණ බෝම්බය නිෂ්කී‍්‍රය කළ බව වාර්තා වේ. නවදිල්ලි නුවරදී එල්ල වූ ප‍්‍රහාරයත් ජෝර්ජියාවේ දී එල්ල කිරීමට සැලැසුම් කළ ප‍්‍රහාරයත් ත‍්‍රස්ත ප‍්‍රහාර බවත් ඒවාට වගකිවයුත්තේ ඉරානය බවත් ඊශ‍්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්හායූ ඊයේ (14) මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේය. ඉරානය ලෝකය පුරා ත‍්‍රස්තවාදය පතුරුවන බවට අගමැති නෙදන්යාහූ චෝදනා කළේය. ඉරානය ලෝකයට තර්ජනයක් වී ඇති බවත් ඉරානයේ සැහැසිකම් මට්ටු කිරීමට ලෝක ප‍්‍රජාව එකමුතු විය යුතු බවත් අගමැති ඊශ‍්‍රායල අගමැති වැඩිදුරටත් කියා සිටියි. එම ප‍්‍රහාර ඉතා බියගුලූ කි‍්‍රයාවක් යැයි ඇමෙරිකා රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් ද පවසයි. ප‍්‍රහාරයට ඉරානය සම්බන්ධ යැයි ඇය සෘජුව පවසා නොමැත. මේ අතර ඉරානය පවසන්නේ එම ප‍්‍රහාරවලට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නැති බවත් චෝදනා එල්ල කරමින් ඊශ‍්‍රායලය තමන්ට පහර දීමට ‘පොටක් පාදා ගැනීමට’ සැරසෙන බවය. බෝම්බ ප‍්‍රහාරයට හසුවූ මෝටර් රථය



අදහස් (0)

ඉන්දියාවේ ඊශ‍්‍රායල තානාපති රියකට බෝම්බ ප‍්‍රහාරයක්

ලක්ෂාන් Thursday, 16 February 2012 07:43 AM

ඉරාණයට බොරු චෝදනා කරන්න එපා..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 147 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site