ලබන 18 වැනිදා වන තෙක් රටින් පිට නොවන ලෙස ඉන්දියාවේ සිටින ඉතාලි තානාපති ඩැනියෙල් මැන්සීනිට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (14) නියෝග කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් එම තීන්දුවත් සමඟ ඉන්දියාවත් ඉතාලියත් අතර හටගෙන ඇති රාජ්‍ය තාන්ති‍්‍රක අර්බුදය තවත් දිග්ගැස්සෙනු ඇතැයි දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
දෙරට අතර එම රාජ්‍ය තාන්ති‍්‍රක අර්බුදය නිර්මාණය වූයේ මීට වසරකට පෙර, සෝමාලි මූදු කොල්ලකරුවන් යැයි වරදවා වටහා ගෙන ඉතාලි භාණ්ඩ ප‍්‍රවාහන නැවක සිටි ආරක්ෂක අංශ නිලධාරීන් කළ වෙඩි තැබීමකින් ඉන්දියාවේ කෙරළ ප‍්‍රාන්තයේ ධීවරයන් දෙදෙනකු මියයෑමත් සමඟය.
සිද්ධියට සම්බන්ධ මැසිමිලානෝ ලැටිරෝ සහ සැල්වටෝරෝ ගිලොනී නමැති ඉතාලි ජාතික ආරක්ෂක නිලධාරීහු දෙදෙනා ඉන්දීය ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබුහ. ඉන්පසු නඩු විභාගයක් ද ආරම්භ කෙරුණි.
ආපසු ඉන්දියාවට පැමිණිමේ පොරොන්දුව මත ඉකුත් වසර අවසානයේ දී ආරක්ෂක නිලධාරීන් දෙදෙනාට යළි ඉතාලියේ ඔවුන්ගේ පවුල් වෙත යෑමට අධිකරණයෙන් අවසර ලැබුණි. අධිකරණය එම අවසරය දුන්නේ ඉතාලි තානාපති ඩැනියෙල් මැන්සීනිගේ මැදිහත් වීමෙනි.
එම ආරක්ෂක නිලධාරීන් දෙදෙනාට මාසයක කාලයක් ලබා දී තිබුණි. එම කාල සීමාව ඉකුත් 18 වැනි දාට නියමිත නඩු දිනය දා ඉකුත් වී යයි. එම නිලධාරීන් දෙදෙනා ආපසු ඉන්දියාවට පැමිණීම ද ප‍්‍රතික්ෂේප කර ඇතැයිද ඉතාලි රජය ඉන්දීය රජයට දැනුම් දී ඇත.
ඉන්දියාවේ සිටින ඉතාලි තානාපතිවරයාට ඉකුත් 18 වැනිදා වන තෙක් රටින් පිටවීම තහනම් කිරීම පමණක් නොව, 18 වැනිදා ඔහුට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටීමට ද ති‍්‍රපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල ඊයේ නියෝග කළේය.
ඉන්දීය රජය ඉකුත් 12 වැනිදා එරට සිටින ඉතාලි තානාපති ඩැනියෙල් මැන්සීනි කැඳවා ඔහුට විරෝධය පළ කර සිටි බව ද වාර්තා විය.
ඉතාලි ජාතික ආරක්ෂක අංශ නිලධාරීන් දෙදෙනා යළි ඉන්දියාවට නොපැමිණියහොත් ඒ බව අන්තර් ජාතික අපරාධ අධිකරණයට පැමිණිලි කිරීමට ඉන්දියාව සූදානම් වේ.
2025 දෙසැම්බර් මස 04
768
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
574
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
458
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඉන්දියාවේ ඉතාලි තානාපතිට රටින් පිටවීම තහනම්