IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඉන්දීය හමුදා සේනාංක 2 ක් හිටිහැටියේ රජයට නොදන්වා නවදිල්ලියට ඇවිත්

ඉන්දීය හමුදා සේනාංක දෙකක්, රජයට නොදන්වා ඉකුත් ජනවාරි මාසයේ දිනෙක රාති‍්‍රයේ හිටිහැටියේ නවදිල්ලි අගනුවරට පැමිණීමට උත්සාහ ගත් බවත් එය හමුදා කුමන්ත‍්‍රණයක පෙර නිමිත්තක් විය හැකි බවත් ඉන්දීය පුවත්පත් ඊයේ (4) වාර්තා කළේය. රජයට නොදන්වා ඉන්දීය අගනුවරට පැමිණීමට උත්සාහ ගෙන ඇත්තේ නවදිල්ලි අගනුවරට කිලෝ මීටර් 150 ක් දුරින් පිහිටි හමුදා සේනාංකයක් සහ අග‍්‍රා නුවර කේන්ද්‍රකොට ගෙන පිහිටි ගුවන් හමුදාවට අයත් සේනාංකයකි. සේනාංක නවදිල්ලි අගනුවරට ඇතුළු වීමට උත්සාහ ගත් අවස්ථාවේදී රජය ඒ ගැන දැනුම්වත් වූ බවත් පසුව හමුදා ප‍්‍රධානීන්ගේ අණ පරිදි හමුදා සේනාංක ආපහු හැරී ගිය බවත් ඉන්දීය පුවත් සේවා වාර්තා කරයි. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉන්දීය හමුදාව කියා ඇත්තේ ඔවුන් හමුදා අභ්‍යාසයක නියැලූණු බවය. ඉන්දීය ආරක්ෂක ඇමැති ප‍්‍රකාශ කළේ එය පදනම් විරහිත පුවතක් බවත් ඉන්දීය හමුදාව එරට ප‍්‍රජාතන්ත‍්‍රවාදයට එරෙහිව කටයුතු නොකරන දේශපේ‍්‍රමීන් පිරිසක් බවත්ය. ඉන්දීය හමුදාපති විජේ කුමාර් සිං සහ ඉන්දීය රජය අතර මතභේද කිහිපයක් පවතී. එම මතභේද හේතුවෙන් අර්බුදකාරී තත්ත්වයක් ද ඉස්මතු වී ඇත. ඉන්දීය හමුදාවේ අඩුපාඩු ඇති බවත්, හමුදාව දුර්වල තත්ත්වයක පවතින බවත් පවසමින් හමුදාපති ඉන්දීය අගමැති මන්මෝහන් සිංට යැවූ ලිපියක් ප‍්‍රසිද්ධ වීමෙන් ඉකුත් සතියේ තවත් අර්බුදයක් ද හටගත්තේය. එම ලිපිය විපක්ෂ දේශපාලනඥයන් අතටත් අනතුරුව මාධ්‍ය අතටත් පත් වීමෙන් පසුව ඊට විශාල ප‍්‍රසිද්ධියක් හිමි විය. එම සිද්ධිය සම්බන්ධයෙන් ඉන්දීය පාර්ලිමේන්තුව තුළ උග‍්‍ර වාද විවාද පවා ඇති විය.



අදහස් (0)

ඉන්දීය හමුදා සේනාංක 2 ක් හිටිහැටියේ රජයට නොදන්වා නවදිල්ලියට ඇවිත්

ශාන්, සෞධි සිට Thursday, 05 April 2012 12:07 PM

ශ්‍රී ලංකාවට පිටුපාන, කෙනෙහෙළිකම් කරන කාටත් වෙන්නේ ඔයටික තමයි. මේක බෞද්ධ දේශයක්. එය වැනසීමට කිසිවෙකුට හැකියාවක් නැත.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 180 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 156 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 961 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site