දුම්රිය ගාස්තු ඉහළ දැමීමත්, ඊට එරෙහිව ජනතා විරෝධයක් එල්ල වීමත් හේතුවෙන් ඉන්දීය දුම්රිය ඇමැති දිනේෂ් ති‍්‍රවේදි පෙරේදා (18) සිය ධූරයෙන් ඉල්ලා අස් වූයේය.
ති‍්‍රවේදි, ඉන්දීය සන්ධාන රජයට එක්ව සිටින තෘණමූල පක්ෂයේ සාමාජිකයකු වන අතර එම පක්ෂයේ මහ ලේකම්වරයා ද වෙයි. ඉන්දියාවේ බටහිර බෙංගාලයේ බලය අල්ලාගෙන සිටින්නේ තෘණමූල පක්ෂයයි. ප‍්‍රාන්ත මහ ඇමැතිනිය වන්නේ තෘණමූල පක්ෂ නායිකා මම්තා බෙනර්ජිය.
වසර අටකට පසු ඉන්දියාවේ දුම්රිය ගාස්තු සංශෝධනයක් සිදුවූයේ පසුගිය බදාදා (14) ය. එම අවස්ථාවේදී දිනේෂ් ති‍්‍රවේදිටත් ඉන්දීය රජයටත් දැඩි ජනතා විරෝධයක් එල්ල විය.
දූෂණ වංචා චෝදනා එල්ල වීමෙන් අප‍්‍රසාදයට පත්ව සිටින ඉන්දීය රජය, දුම්රිය ගාස්තු ඉහළ දැමීමත් සමඟ තව තවත් ජනතා අප‍්‍රසාදයට ලක් වූයේ යැයි එරට දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
ති‍්‍රවේදිට ජනතාවගෙන් පමණක් නොව ඔහුගේ තෘණමූල පක්ෂ සාමාජිකයන්ගෙන් ද විරෝධයක් එල්ල විය. එම සංශෝධන ඉල්ලා අස්කර ගන්නැයි තෘණමූල පක්ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරු බලපෑම් කරන්න වූහ. ඔවුහු ඉකුත් 15 වැනිදා නවදිල්ලි නුවර පාර්ලිමේන්තුව ඉදිරිපිට විරෝධතාවක් ද පැවැත්වූහ. තෘණමූල පක්ෂ නායිකා මම්තා බෙනර්ජිට ද ජනතා විරෝධයක් එල්ල විය.
ඒ අනුව ති‍්‍රවේදි, ඉන්දීය අගමැති මන්මෝහන් සිංට ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය බාරදුන් බව ඉන්දීය පාලක කොංග‍්‍රසයේ ප‍්‍රකාශක රතන් මුකර්ජි පෙරේදා මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේය.
ති‍්‍රවේදිද මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ තම පක්ෂය තුළින් පැන නැගුණු බලවත් විරෝධය හේතුවෙන් සහ මම්තා බෙනර්ජිගේ ඉල්ලීම සැලකිල්ලට ගෙන තමා ඇමැති ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බවය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ඉන්දීය දුම්රිය ඇමැති ඉල්ලා අස්වෙයි