
ඉන්දියාවේ 15 වැනි ජනාධිපති ලෙස භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය නියෝජනය කරමින් එරට ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණු ද්‍රෞපදී මුර්මු තේරී පත් වූවාය.
ප්‍රතිභා පාතිල්ගෙන් පසු ඉන්දීය ජනාධිපති ධුරය කාන්තාවකට හිමිවුණු දෙවැනි අවස්ථාව මෙයයි.
ප්‍රතිභා පාතිල් ඉන්දියාවේ 12 වැනි ජනාධිපතිවරයා වූ අතර ඇගේ ධුර කාලය පැවැතියේ 2007 සිට 2012 දක්වාය. ප්‍රතිභා පාතිල් ඉන්දීය කොංග්‍රස් පක්ෂ සාමාජිකාවකි; නීතීඥවරියකි.
64 හැවිරිදි ද්‍රෞපදී මුර්මු, ඉන්දියාවේ ඔඩිස්සා ප්‍රාන්තයේ ගෝත්‍රික ප්‍රජාව නියෝජනය කරන කාන්තාවකි.
එබැවින් ඉන්දීය ගෝත්‍රික ප්‍රජාව නියෝජනය කරන කාන්තාවක ජනාධිපති ධුරය ට පත් වුණු පළමු මෙන්ම ඓතිහාසික අවස්ථාව වන්නේ මෙයයි.
මුර්මු දේශපාලනඥයකු මෙන්ම ගුරුවරියක ද වෙයි. ඇය භාරතීය ජනතා පක්ෂ සාමාජිකාවකි. 2015 සිට 2021 තෙක් කාලයේ ජර්කාන්ද් ප්‍රාන්ත ආණ්ඩුකාරවරිය ලෙස කටයුතු කළේ ද ඇයයි.
ඉන්දීය ජානාධිපතිවරණය ආරම්භ වූයේ පසුගිය 18 වැනිදාය. ඡන්ද ගණන් කිරීම සහ ප්‍රතිඵල නිකුත් කිරීම අද (21) සිදුවිය.
ඉන්දීය ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණු අපේක්ෂයන් දෙදෙනා වූයේ ද්‍රෙෘපදී මුර්මු සහ 84 හැවිරිදි යෂ්වාන්ත් සිංහා ය. සිංහා නියෝජනය කරන්නේ ත්‍රිණමූල් කොංග්‍රසයයි. සිංහා, භාරතීය ජනතා පක්ෂයේ හිටපු නායකයෙකි. යෂ්වාන්ත් සිංහා ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ එක්සත් ප්‍රගතශීලී සන්ධානය ප්‍රමුඛ විපක්ෂ දේශපාලන කණ්ඩායම් නියෝජනය කරමිනි.
ඉන්දියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව රටේ ජනාධිපතිවරයා තෝරා පත්කර ගනු ලබන්නේ මහජන ඡන්දයෙන් නොව, පාර්ලිමේන්තු නියෝජිතයන්ගේ ඡන්දයෙනි.
ඉන්දීය ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර පහකි. ද්‍රෙෘපදී මුර්මු ලබන 25 වැනිදා ජනපති ධුරයේ දිවුරුම් දීමට නියමිතය.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාවේ ජාතිබේද, අගම්බේද, කුලබේද තිබුනද සුළු ජාතින් ඉන්දියාවේ අගමැති හෝ ජනාධිපති තනතුරට පත්ව තිබේ. මන් මොහන් සිං සහ අබුදුල් කලාම් ඉන්දියාවේ ආර්ථික මෙන්ම ඉන්දියාව ලෝකයට එක්කල නායකයන් දෙදෙනෙකි. "සුළු ජාතික කාන්තාවකට" ද්‍රෞපදී මුර්මු ගෝත්‍රික ප්‍රජාව නියෝජනය කරමින් ඉන්දියාවේ ජනාධිපති තනතුරට පත්ව තිබේ. ලංකාවේ සුළු ජාතික කාන්තාවකට දේශපාලනයේ ඉහල තනතුරකට පත්වීමට අවස්ථව උදාවේද ? ශ්‍රී ලංකාවේ සමස්ත සමාජයම අවධානයට ලක්කලයුතු කරුණකි.
ඔබතුමියට නව ජනාධිපති ධූරයේ වැඩ කටයුතු සාර්ථකව කරගෙන යාමට ශක්තිය ධෛර්ය ලැබේවා කියා ඉතසිතින් පතමි. බුදුසරණයි