
ඉන්දියාවේ 'චන්ද්‍රයාන් 3 වික්‍රම්' රොබෝ සාර්ථකව සඳට ගොඩබෑවේය. 'චන්ද්‍රයාන් 3 වික්‍රම්' යානය පතිත කළේ සඳුගේ දක්ෂිණධ්‍රැවයේ තෝරාගත් ස්ථානයකටය. සෝවියට් දේශය, ඇමෙරිකාව සහ චීනයට පසු සඳට රොබෝ යානයක් පතිත කළ සිවුවැනි රට ඉන්දියාව වීම විශේෂත්වයකි.
ඊට අමතරව, සඳුගේ දක්ෂිණධ්‍රැවයේ ස්ථානයකට රොබෝ යානයක් පතිත කළ පළමු රට ඉන්දියාවය. යානය සඳට ගොඩබෑවේ පස්වරු 6.04 ටය. ඊට පෙර යානය මිනිත්තු 20 ක අවදානම් කාලසීමාවක් තුළ, සඳුගේ කක්ෂයේ සිට පහළට ගමන් කළ බව ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය පැවැසීය.
'චන්ද්‍රයාන් 3 වික්‍රම්' රොබෝ යානයේ සඳට පතිත කිරීමේ වික්‍රමය පස්වරු 5.20 සිට සජීවීව විකාශය කිරීමට ද ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය පියවර ගත් අතර ලොව බොහෝ දෙනකු එය නැරැඹූ බව වාර්තා වේ. ඉන්දියාව පුරා පාසල් බොහොමයක මෙම කාලසීමාව තුළ විවෘතව තැබෙන බවත්, සිසුන්ට ද සජීවී දසුන් නැරඹීමට ඉඩ ලැබුණි.
'බ්‍රික්ස්' සමුළුවට සහභාගී වීමට දකුණු අප්‍රිකාවට ගොස් සිටින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සජීවීව ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය සමඟ සම්බන්ධ වෙමින්, යානයේ ගොඩබෑම නැරැඹීය. යානය සාර්ථකව ගොඩබෑමත් සමඟ ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයේ විද්‍යාඥයන් අමතමින් සුබ පැතීමට මෝදි අමතක නොකළේය.
'චන්ද්‍රයාන් 3' වික්‍රමය සාර්ථක වීමෙන් පසු දකුණු අප්‍රිකාවේ සිටි අග්‍රාමාත්‍ය මෝදි, ජාතිය ඇමැතුවේය. ඉන්දියාව මීට පෙර 'චන්ද්‍රයාන් 2' මෙහෙයුම යටතේ ද 'වික්‍රම්' නමින් රොබෝ යානයක් සඳට පතිත කිරීමට උත්සාහ ගත්තේය. කෙසේ නමුත් එය අසාර්ථක විය. එම යානය සඳට කඩා වැටුණි.
'චන්ද්‍රයාන් 3' මෙහෙයුම ක්‍රියාත්මක වන්නේ 'චන්ද්‍රයාන් 2' මෙහෙයුමේ දී සිදුවුණු දෝෂ නිවැරදි කරමිණි. 'චන්ද්‍රයාන් 3' මෙහෙයුම යටතේ සඳට පතිත කළ 'වික්‍රම්' යානය තුළ කුඩා රෝවර් යානයක් ද ඇත. රෝවර් යානය ‘ප්‍රාග්යාන්’ යනුවෙන් ද නම් කර තිබේ. රෝවර් යානයට සඳ මතුපිට එහෙමෙහෙ යමින් ගවේෂණය කිරීමට හැකිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකාවෙන්..මෙම විශිෂ්ඨ කාර්යය ඉටුකරගත් ඉන්දියානුවන්ට සුභ පැතුම්..
ඉන්දියාවේ ගොඩක් මිනිස්සුන්ට හරියට යන්න වැසිකිලියක් වත් නෑ .ඒත් හඳට රොකට් යවනවා .අපේ අය වගේම තමයි
රෝහිතගේ රොකට් එකත් හඳේ ද කියලා පොඩ්ඩක් බලන්න
ඉන්දියාවට අපගේ ප්‍රණාමය. ආර් ථික වශයෙන් ඉන්දියාව තිබුනේ අපට පහලින්. එහෙත් අපට වඩා වේගයෙන් ඉහලට ගන්න පාලකයින් ට හැකි වුනා. පාලනය වෙනස් වුනත් ප්‍රතිපත්ති වෙනස් වුනේ නෑ. අද ඉන්දියාව ලෝකයේ 4 වන බලවතා. අපි ලෝකෙට නය වෙලා. දැන් අපි ඉන්දියාවේ සරණ පතමු.
අපේ අසල්වැසියාට සුබ පැතුම්…! විශ්ව තරණයට වැඩිදෙනා එක්වීම සතුටට කරුණකි.
අපෝ! ඕක මොකක්ද..? ඊයේ පෙරේදා ලෝකෙට ලොක්කෝ කියලා හිතාගෙන ඉන්න අපෙ ඇත්තෝ, කාර් එකක් හදලා තිබුනනේ දොරවල් වලට සරනේරුත් හයි කරලා.... ඒ, කාර් එකේ මිල උනත් හරිම සාධාරණයි, වැඩිය නැහැ, "රුපියල් ලක්ෂ හතලිස් පහයි"... ඔය ඉන්දියන්, ජපන් කාර් මොනවද කියල හිතෙනවා අපේ කාර් එක දැක්කම... ගානේ හැටියට මාකට් එකට දැම්මොත් මාස හයෙන් රටේ ණයත් බේරලා ඔය වගේ රොකට් දෙක තුනකුත් හඳට යවන්න පුළුවන් අපට.... මොකද අපි, රොකට් වේගයෙන් මුදල් හොයලා දියුණු වෙන්න දක්ෂ ජාතියක්නේ... එත්, මම මේ බයේ ඉන්නේ, ඒ කාරෙක දැකලා මෝදි මහත්තයට අපි ගැන ඉරිසියා හිතෙයිද කියලයි...?
මම මේ බලාගෙන ඉන්නේ රටට ආදරේ පණ්ඩිත ඔස්තාර්ලා ඇවිත් "අපරාදේ සල්ලි......... මේකෙන් දුප්පත් මිනිස්සු කීයකට කන්න දෙන්න තිබ්බද " කියනකල්
අපේ චිචී යවපු එක ඔය වගේද? හොරෙන්ම හඳට බාල හාවත් අල්ලාගෙන, කුරක්කන් හේනකුත් රන් කරනවලු.
වෙහෙස මහන්සි වූ සහභාගිවන්නන්ට අපගේ සුබ පැතුම්!
තම රට ලෝකයේ ඉහළම තැනකට ඔසවා තැබීමට පියවරගත් ඉන්දියානුවන්ගේ ක්‍රියාව ජයගත්තා.ඔවුන් අද එය අභිමානවත්ව සමරනවා.අපේ රටේ හොර තක්කඩි දේශපාළු බඩගෝස්තරයන් වගේ නෙමෙයි ඉන්දියාවේ නායකයන්.ඔවුන් තම රට වෙනුවෙන් අවංකව සේවය කරනවා.
ලංකාවේ මෙවැකි දෙයක් සිදු වූවා නම් : 1. යානයට සිංහල නමක් දැමීම ජාතිවාදී වන නිසා ඉංගිරිසි නමක් දැමිය යුතුය. 2. කන්න නැති මිනිස්සු ඉන්දැද්දි පාලකයො හඳට යානා යවනවා. 3. මේ වැඩේ කරන්නෙ කොමිස් ගහන්න වැනි කතා කීයක් නම් කියයිද!
2015 ට පෙර අපිත් එකක් යවන්න අයවැය මගින් මුදල් වෙන්කර ගත්තා කියලා ඇහුණා චික් චික් ගාල එකක් ගියා කියලා අහන්න ලැබුනා ඒක දැන් තියෙනවාද නැත්නම් මොකද වුනේ කියලා පාර්ලිමේන්තුවේ කමිටු කට්ටිය සොයාගෙන නැද්ද
එහෙ පාසල්වල පෙනන්නේ හඳට යන හැටි .මෙහෙ පෙන්නන්නේ ජනාධිපති ඇමතිලා බයිලා ගහන හැටි
ගාන්දිලා ගෙදර ගියත් හරි ඉන්දියාව ගොඩ ගියා
ඕවා මොනවද ,අභ්‍යවකාශ තරණය පිළිබඳ ආචාර්ය උපාධියක් තියෙන මැදමූලනේ කෙනෙකුත් රොකට් එකක් යැව්වේ ?
මමත් එහෙ ගියානේ, හඳේ හැමතැනම තොසේ, චපාති ඉස්මෙල් එක පැතිරිලා හුස්ම ගන්නවත් බැහැ. මිනිසුන් රහිත යානයක් කීවාට ඒ බොරු. අඩුම ගානේ 3 දෙනෙක්වත් ගිහින් තියෙනවා. මට සාක්ෂි තියෙනවා. කෑම කාපු කෙසෙල් කොළ 3 ක් තිබුණා, තැන තැන චපාති, සාම්බ්‍රානි සම්බෝලේ විසුරුවලා තිබුණා. අන්තිම සාක්ෂිය ඉතාම වැදගත්. ගිය කට්ටිය ඉන්දියාවේ පුරුද්දටම කක්කා කරන්න අමතක කරලා නැහැ. ඒත් ගුරුත්ව බලය අඩු නිසා "බඩු" හැමතැනම පාවෙනවා.