ඉංග්‍රීසි භාෂා ප්‍රවීණත්ව දර්ශකයේ 30 වැනි ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාව සමත් වි ඇතැයි ඒඩියුකේෂන් ෆස්ට් වෙබ් අඩවිය කියයි.
ස්විට්සර් ලන්තය මූලික කර ගෙන පවතින එඩියුකේෂන් ෆස්ට් ආයතනයට සම්බන්ධ මෙම වෙබ් අඩවිය මඟින් ලොව පුරා වැඩිහිටියන්ගේ ඉංග්‍රීසි භාවිතා කිරිමේ හැකියාව සලකා මෙම දර්ශකය සකස් කරයි.
මෙම සමීක්ෂණයට ඉංග්‍රීසි භාෂාව මව් භාෂාව නොවන රටවල් 60ක් යොදා ගෙන ඇති අතර එහිදි ලකුණු 68.69 ලබාගනිමින් ස්වීඩනය ප්‍රථම ස්ථානයේද ලකුණු 66.60 ලබාගනිමින් නෝර්වේ රාජ්‍යය දෙවන ස්ථානයද ලකුණු 66.19 ලබාගනිමින් නෙදර්ලන්තය තුන්වන ස්ථානය ද දිනාගැනීමට සමත්ව ඇත.
මෙම දර්ශකයේ රටවල් ඉතා ඉහළ ප්‍රවීණතාවය,ඉහළ ප්‍රවීණතාවය,මධ්‍යම ප්‍රවීණතාවය,පහළ ප්‍රවීණතාවය සහ ඉතා පහළ ප්‍රවීණතාවය ලෙස වර්ග කර ඇති . ශ්‍රී ලංකාව අයත්ව ඇත්තේ පහළ ප්‍රවීණත්වයක් ඇති කාණ්ඩයටය.
ස්වෙඩනය,නෝර්වේ රාජ්‍යය,නෙදර්ලන්තය,එස්තෝනියාව,ඩෙන්මාර්කය,ඔස්ට්‍රියාව හා ෆින්ලන්තය යන රටවල් ඉතා ඉහළ ප්‍රවීණත්වයක් සහිත රටවල් අයත් කාණ්ඩයට ඇතුළත් වී ඇත.
මෙම දර්ශකයේ ශ්‍රී ලංකාවට ලකුණු 51.47ක් හිමිව ඇති අතර ඉන්දියාව ලකුණු 54.38ක් ලබා 21 වන ස්ථානයේද චීනය ලකුණු 50.77 ක් ලබා 34 වන ස්ථානයේද පසුවෙයි. දර්ශකයේ අවසාන ස්ථානයේ පසුවන්නේ ලකුණු 38.16ක් ලබා සිටින ඉරාකයයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ ඉංග්‍රීසි දැනුම අඩුවෙන්න ප්‍රධාන හේතුව අපේම අයගේ කම්මැලි කම. ඉංජිනේරුවෝ පවා හරියට ඉංග්‍රීසි ඉගෙනගන්නේ නැහැ. ඒ නිසා පිටරටවලදි ඉංජිනේරු දැනුම අඩු අයට දෙවනි වෙන්න වෙනවා.(නදී)
එයාලගේ උච්චාරණය විතරයි ටිකක් වෙනස්. එහෙම නැතුව අපිට වඩා ගොඩක් දක්ෂ නිසා නෙමෙයි.අපේ රටේ ඉන්නවා පුදුම දක්ෂයෝ ටිකක්. අවාසනාව කියන්නේ ඔවුන් ඉන්නේ ගමේ. නගරයේ නෙමෙයි (නි)
සත්‍යයා සමඟ එකඟයි. බොහෝ ටෙලි නාට්‍ය වල මේ වැරැද්ද කෙරෙනවා. සිරිමල්ගේ කතාවත් සම්පූර්ණ ඇත්ත.පාලිත ,ඔබ කියන කතාව ඇත්ත. ඉන්දියන් අයගේ උච්චාරණය හොඳ නැහැ ,ඒ වගේම ව්‍යකරණත් වැරදියි.නමුත් ඉන්දියන් අය බොහෝ දෙනෙකුට යන්තමින් හෝ ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්. බොහෝ අය ඉගෙන ගන්නේ ඉංග්‍රීසි මාධ්‍යයෙන්.කුඩා කල සිටම ගෙවල් වල කතා කරන්නේ ඉංග්‍රීසියෙන්. ඉන්දියාව කියන්නේ ඉංග්‍රීසි සන්නිවේදනය අවශ්‍යතාවයට වැඩිය අාභරණයක් කරගත් රටක්.නමුත් ඉන්දියන් අය බොහෝ දෙනෙකුට භාෂා 3,4ක්වත් පුළුවන් (නි)
රවීන්,ඔයාට පිස්සුද? මොනවද කියවන්නේ? (නි)
කුමාරසිරි, ඒ වෙබ් අඩවි බලන්න අපේ කට්ටියට ඉංග්‍රීසි දැනුමක් ඕනෑ නැහැ. අනිත් කාරණේ මළපොතේ ඉංග්‍රීසි වචනයක් දන්නේ නැති අය රේස් කොළේ කියවන අපුරුව බලන්නකෝ. දුවන අශ්වයන්ගේ අම්මා තාත්තා ගැන කියන්නත් කට්ටිය දන්නවා. (නි)
වැරදී ප්‍රතිපත්තී , යුද්ධය සහ අනෙකුත් කාරණා වන සමාජ ආකල්ප මෙම පසු බෑමට බලපෑවා. අපේ අධ්‍යාපන ඇමති තුමන්ලා උවමනාවෙන් කටයුතු කර රටේ අධ්‍යාපනය නැන්විය යුතුයි.(නදී)
කටාර් රසික ඔබට ස්තුතියි. සිරිමල් කියන දෙයෙහි විශාල අරුතක් තියෙනවා. 1948 ඊනියා නිදහසින් පසු සිංහලයින් ඉංග්‍රීසි ඉගෙන ගත්තේ හීන මානයෙන් මිදෙන්න මිස භාෂාව අධ්‍යාපනය ට හා වෘත්තීය ට පිටුබලයක් වෙයි කියන අදහසින් නොවේ. ඒ නිසා අදත් වැරදි ඉංග්‍රීසි කතා කරන පිරිස වැඩිවී තිබෙනවා. ඉන්දියන් කාරය උච්චාරණය වෙනස් කරගෙන තියෙන්නේ ඉංග්‍රීසි බැරිකම හින්ද නොවෙයි ඉන්දීය අනන්‍යතාවය ඉංග්‍රීසි උච්චාරණය ට ඇතුල් කරගෙන තිබෙන නිසාය. අපේ මිනිස්සු නිවැරදි උච්චාරණයෙන් වැරදි ඉංග්‍රීසි දොඩත්. (නදී)
පනස් හයේ බණ්ඩාරනායක අගමැති ඉන්දියාව අපිට මේ දේ කලේ ඔය ටිකට තමයි. මහත්මා ගාන්දි නිදහස ගන්න වෙලේ රට වැසියන්ට කීවලු නරක දේ පන්නමු ඒත් හොදදේ අපි තියා ගනිමු කියලා.(නදී)
මෙය අපේ රටට වුන ලොකු පසුබෑමක් අතීතයේ අපේ රටේ තිබුන අධ්‍යාපනයේ එක අංග ලක්ෂණයක් නිසා හොද උගත් අය බිහිවුනා. ඔවුන් පිට රටවලදීත් ඔවුන්ගේ දැනීම ඉංග්‍රීසි භාෂාවේ කතාකිරීමේ විලාශය ගැන හොඳ පිළිගැනීමක් තිබුනා. නමුත් දැන් හැමතැනම පාසල්වල පවා හුගක් අචාර්‍ය මණ්ඩල ළමයින්ගේ අනාගතය ගැන ආදරයෙන් සිතන්නේ නැහැ එය අප රටට ලොකු පාඩුවක්.(නදී)
ඉංග්‍රීසි භාෂාව සෑම පාසැලකම අනිවාර්ය කල යුතුයි. සබ කෝලය ලැජ්ජාව නැතිව කතා කරන්න පුරුදු කල යුතුයි. වැරදුනාට ලැජ්ජා නොවී කතා කල යුතුයි. වැරදුනම පුළුවන් අය සිනා නොවිය යුතුයි. එවිට අපේ අයට ලෙහෙසියෙන්ම ඉංග්‍රීසි කතාව පුරුදු වේවි. ළමා කාලය ඉගෙනීමට ඉතාම ලෙහෙසි කලයයි. (නදී)
මෙන්ඩිස් - ඔයාගේ කතාව සම්පූර්ණ ඇත්ත. මමත් අපේ මැද පෙරදිග සේවය කරන නිසා ඔවුන්ගේ ඉංග්‍රීසි මාධ්‍ය හැසිරවීම (උච්චාරණය) පිලිබන්ධව හොඳින් දන්නවා. යකඩ වලට හා විදුලි ඉස්ත්‍රිරික්ක්යට කියන්නේ (අයිරෝන්) අධීක්ෂණ නිලධාරියට - සුපෙර්ර් වයස්ර්ර් වගේ වචන. ඉතාමත් අප්පිරියයි ඔවුන්ගේ ශබ්ද කිරීම්. වෙනත් රටවල් සමඟ සංසන්දනය කිරීමේදී ලාංකික අපි වගේ ඉතාමත් පැහැදිලි ලෙස ඉංග්‍රීසි කතා කරන වෙනත් (ඉංග්‍රීසි මවු භාෂාව නොවන) රටක් නොමැත. (නදී)
කුමාරසිරි මහතෝ ලිංගික වෙබ් අඩවි මොන භාෂාවෙන් තිබුනත් පිංතුර නේ බලන්නේ. පින්තුර වලට භාෂාව අවශ්‍ය නැහැ . ඔය ඉන්නේ ඉංගිරිසි හෝඩිය නොදන්නා අය ඉංගිරිසියෙන් රේස් කොලේ බලලා අශ්වයෝ තෝරන්නේ.(නදී)
මෙන්ඩිස් 100% ඔබ හරි..එදා ගත්ත මෝඩ තීරණ නිසා තමා අද අපි මෙහෙ දුක් විදින්නේ (නදී)
ගොඩක් අය 56 පෙරලිය ගැන විවෙචනාත්මකව කතාකරලා තියනවා. 56 පෙරලිය උනේ නැති නම් අපි මෙතන සිංහලෙන් මේ විදිහට කතා කරන්නෙවත් නැති බව අමතක කරන්න එපා. 56 දි රටේ අධයාපනය සිංහලෙන් කරපු නිසා තමා මගේ තාත්තට ඉගෙන ගෙන ආණ්ඩුවේ රස්සාවකට යන්න පුලුවන් උනේ. තත්තා යම් තැනකට ආ නිසා තමයි අපිට අධ්‍යාපනයෙන් ඉහලටයන්න පුලුවන් උනෙ. 56 උනේ මේ රටේ බහුතරයක් මිනිස්සුන්ට සුද්දන් අහිමි කල දෙයක් නැවත ලබාදීමක්. මොකෝ භාෂාව නැති උනා නම් සංස්කෘතිය එතනින් ඉවරයි. 56 දරුවො තමයි අද මේ රට ගෙනියන්නේ ( මම කියන්නෙ දේශපාලනය කරන අය විතරක් නෙමෙයි බහුතරයක් මේ රටේ මිනිස්සු ). හැබැයි කරුමේ කියන්නෙ සිංහල පාවිචිචී කරන්න 56 දරුවන් ගෙ දරුවො ලැජ්ජ්යි. තමන්ගෙ දරුවන් ට පොඩි කාලෙ ඉදන් ඉග්‍රීසියෙන් කතා කරන්නේ ( ස්වීඩන් වල ඉංග්‍රීසි පටන් ගන්නෙ ඉස්කෝලෙ ගිහින් අවුරුදු 2 කින්- ඒ මිනිස්සුන් දනන්වා ස්වීඩිෂ් භාෂාව තමා නියම ස්වීඩ් කෙනෙක් හදන්නෙ කියලා - අපි කරන්නෙ අපෙ පොඩි උන් එහාට්ත් නැති මෙහාට්ත් නැති උන් කරන එක ). පොඩි රිදී ඉරක් තියෙන්න සමහර තරුණ ලම්යි මේ වෙනුවෙන් වැඩ කරනවා. කී දෙනෙක් පයර් පොක්ස් වෙබ් බ්‍රවුසර් එකේ සිංහල වර්සන් එක පාවිචිචි කරනවා ද? කී දෙනෙක් තමන්ගේ ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකේ සිංහල කී බෝර්ඩ් එක පාවිචිචි කරනවා ද? (නදී)
දැන් බය වෙන්න දෙයක් නැහැ, දැන් ළමයි දෙමලත් ඉගෙන ගන්නවා. තව ටික දවසකින් කාටවත් හොරෙන් කතා කරන්න පුලුවන් කමක් නැතේ (නදී)
සත්‍ය - නොදන්නා දේවල් කතා කරන්නෙපා. මොකක්ද "ඉන්දීය අනන්‍යතාවය ඉංග්‍රීසි උච්චාරණය ට ඇතුල් කරගෙන" කියන එකේ තේරුම? ඔයාට ඉංග්‍රීසි දන්නවා නම් අපි කියන්නේ මොනවද කියලවත් අඩුමගානේ තේරෙයි. ලෝකයේ කිසිම භාෂාවක් කිසිම කෙනෙකුට තමන්ගේ අනන්‍ය තාවය තහවුරුකරන ආකාරයට හැසිරවන්න පුලුවන්ද? (ස)
ඉන්දියාවේ ගොඩක් අයගේ මවු භාෂාවන් වල තිබෙන ශබ්ධ වලට අනුව ඒ අයට සමහර ඉංග්‍රීසි වචන ඒ ආකාරයෙන්ම උච්චාරණය කරන්න බැහැ.බොහෝ දුරට කුඩා කල සිටම උච්චාරණ පුහුණුව ලැබූ අය තමයි හොඳින් කතා කරන්නේ . අනික බොහෝ ඉන්දියන් අයට එහෙම නිවැරදි උච්චාරණය ගැන උනන්දුවකුත් නැහැ . (අ)
මේක බොරු වාර්තාවක්. මොකද ඉන්දියන් කාරයෝ කියන්නේ මයි ෆාදර් නෙවර් ගෝ ටු එයාර් පොර්ට් කියලා. මගදී හමු උනාම අහන්නේ හවු ආර් යූ කියලා. (නදී)
ෆාස්රුල්-ගපුර් , ඔබ කතා කරන්නේ ළිඳේ ඉන්න මැඩියෙක් වගේ. ඉන්දියන්කාරයෙකුට රටින් පිටදී ඕනෑම තැනක වහාම අඳුනා ගන්න පුළුවන්, අනිකා ඉන්දියන්ද නැත්නම් ශ්‍රී ලංකාවෙන් ද නැත්නම් වෙනත් රටකින්ද කියලා. මොකද පවුල තුලත්, පාසැලේදීත්, කාර්යාලයේදීත් ඔවුන් ඉංග්‍රීසි කතා කරන්නේ ඉන්දියානු ශෛලියට නිසා. ස්විස් ජාතිකයාව පහසුවෙන් ජර්මන් හෝ ඕස්ට්‍රේලියන්කාරයාගෙන් වෙන්කරලා හඳුනාගන්න පුළුවන්. මොකද ස්විස් ජාතිකයා ස්විස් ශෛලියෙන් ජර්මන් කතා කරන නිසා. අනික් අයව විවේචනය කරන කලින් තමා දන්නා තරම ගැන ස්වයං විවේචනයක් කරගත්තොත් හොඳයි නේද? (නි)
ස්වීඩන් රටට එන හැම කෙනෙකුටම ඒ රටේ භාෂාව උගන්වනවා. භාෂාව උගන්වන්න ඒ අය සාර්ථක ක්‍රම භාවිතා කරනවා. ඒ වගේම එයාලගේ භාෂාවේ ඉංග්‍රීසි වලින් ණයට ගත් වචන හරි හරියට තිබෙනවා. උච්චාරණය වෙනස්කම තියෙන්නේ. ඒ නිසා එයාලට ඉංග්‍රීසි ඉගෙනගන්න එක පහසුයි. අනිත් එක අපි කොතරම් ඉංග්‍රීසි කතා කළත් දොස්තර ළගදී, බැංකුවේදී , වෙනත් වැදගත් ප්‍රශ්නයකදී , එයාල කැමති අදාල කෙනාගේ මවු භාෂාව අනුව භාෂා පරිවර්තකයකු යොදා ගන්න. ස්වීඩන් භාෂාව බැරි නම් ඉංග්‍රීසි වලින් කතාව පටන් ගන්නේ නැහැ. අපේ රටෙන් එන කෙනාට ඉංග්‍රීසි පුලුවන්ද බැරිද කියලා හිතන්නේ නැතුව ඉංගිරිසියෙන් කතා කරන්නේ. (නි)
උපාලි, හරි එක ප්‍රින්සිබල් නෙමෙයි ප්‍රින්සිපල්. (නදී)
මෙන්ඩිස්ගේ කතාව ඇත්ත.මේ අරාබි කාරයන්ගේ ඉංග්‍රීසි කතා කරනවා වගේ.පි,අකුර මෙයාලා සද්ද කරන්නේ බි,කියලා. වචනයක් ගත්තාම පෙප්සි මෙයාලා කියන්නේ බෙප්සි කියලා. ඉන්දියන් කාරයාගේ ඉංග්‍රීසි කතා කෙරිල්ලත් වචනේ ඇදලානේ කතාව. මට නම් මොන භාෂාව කතා කරත් මව් බස සිංහල ඇරෙන්න වෙන කිසිම භාෂාවක් වටින්නේ නෑ. (නදී)
සිරිමල්ගේ කතාව නම් සම්පුර්ණ ඇත්ත. (ස)
ඒ කියන්නේ ලංකාව සුද්දගේ බාෂාව හොඳට දන්නවා. සුද්දට බැහැ අපේ අයව රවටන්න. (ස)
ලංකාවේ අපිට දැන් ඔය කඩ්ඩෙන් වැඩක් නෑ, අපේ අතිගරු ජනාධිපති තුමයි ගරු නාමල් රාජපක්ෂ මැතිතුමායි රට දියුණු කලාට පස්සේ සුද්දන්ට සිංහල ඉගෙන ගන්න වෙනවා. (අ)
අහන්න දෙයක්යැ. උදේ ඉඳන් මැදියම වෙනතුරු තොර තෝංචියක් නැතුව පෙන්වන ටෙලි නාට්‍ය වලින් ඇහෙන ඉංග්‍රීසි දිහා බලනකොට පුදුමයි 30 වෙනි තැනට ආපු එකත්. ඒ නාට්‍ය වල රඟපාන ඉංග්‍රීසි දත් නළුවන් පවා දෙබස් ලියු තැනැත්තාගේ ඉංග්‍රීසි දැනුමෙන් කඩු හරඹ දක්වා අනන්තවත් තමාගේම ගෙල සිඳ ගනිති. වරද නිවැරදි කරන්න උගතෙක් ශ්‍රී ලංකාව තුල නැති පාටයි. (නි)
අන්තර්ජාලයෙන් ලබාගත හැකි ප්‍රයෝජනද ලබාගත යුතු මෙය සම්බන්දව, අපගේ උච්චාරණය ඉන්දිආවට වැඩ ඉහල මට්ටමක පැවතේ. (අ)
භාෂාවක් ප්‍රගුණ කිරීමේ සාර්ථකම ක්‍රමය ඒ භාෂාව භාවිත කිරීමනේ. ඒ සඳහා පාසල්වල හැකි තරම විෂය මාලාවන් හා ක්‍රියාකාරකම් ඇතිකළ යුතුයි. 'සර්වලෝක පුට්ටුව' දන්නේ නැති වුනාට 'යුනිවර්සල් ජොයින්ට්' එක නොදන්නා මෝටර කාර්මිකයෙක් ඉන්නවද? 'විද්‍යාලයාධිපති' නොදන්නවා වුනාට 'පින්සිබල්' ගැන අපි දන්නැද්ද? (අ)
සිංහල දරුවන් විදේශ රටවල පාසල් වලදී දක්වන උසස් බුද්ධි මට්ටම දුටුවම, අපේ රටේ දරුවන්ටත් ක්‍රමානුකූල ඉගෙනුම ලබාදෙනවා නම් අංක 1ට යන්න පුළුවන් බව මගේ ප්‍රායෝගික අවබෝධයයි (නි)
කියවන්න තේරුම් ගන්න පුළුවන්ත කතා කරන්න බෑනේ. (ස)
ලස්සනම වැඩේ තමයි ස්විඩන් වල ඉංග්‍රීසියෙන් ලියපු නාම පුවරුවක් හොයා ගන්නත් අමාරුයි. ස්වීඩ්ලා දෙන්නෙක් කතා කරනකොට, ඉංග්‍රීසි වචනයක් වත් කියන්නෙ නෑ. දවසක් මට ස්වීඩන් වල වයසක ඉන්ජිනේරුවෙක් කියපු කතාවක් තමා..." උබලා බ්‍රිටිශ් උන් දීපු භාෂාව ලොකු කරගෙන ඒක උබලගේ බිස්නස් භාෂාව කරගෙන රටේ ඉංග්‍රීසීයෙන් වැඩ කරන්න බැරි මිනිස්සු 70% වඩා උඹලගේ ආර්ථික ක්‍රියාවලියෙන් අයින් කරලා.ඒක තමා උඹලා තාමත් ආර්ථික වශයෙන් බඩගාන්නෙ. වෙන රටවල් එක්ක ගනුදෙනු කරද්දි ඉංග්‍රීසි පාචිච්චි කරපල්ලා...රට ඇතුලෙ තමගේ භාෂාවෙන් වැඩ කරපල්ලා"මේ කතාව කොච්චර ඇත්තද..ඉන්නෙ ඔක්කෝම සිංහල තේරෙන මිනිස්සු උනත්, අද අපෙ කොම්පැනියක මීටින් ඔක්කොම කරන්නෙ ඉංග්‍රීසියෙන් ...ඇයි ? (ස)
සිරිමල්, ස්වීඩන් ඉංජිනේරුවා කියපු කතාව හරියටම හරි.මට හිතෙන්නේ තවම අපි පරාධීන ජාතියක්. අපේ හිත යට ඒ පරාධීන බව තියනවා. (ස)
1956 දී ඉංග්‍රීසි සාමාන්‍ය ජනතාවගෙන් අයින් කරලා ලොක්කන්ගේ ආභාරණයක් කරගන්න හැදුව එකේ විපාක තමා මේ. ඒ වැරැද්ද කලේ නැත්නම් අපිට දැන් තියන හීනමානයත් නෑ. ගමේ අය ඉංග්‍රීසි වලට තියන බයයි සබකොලයිත් නෑ. මම නම් හිතන්නේ ඉන්දියන් කාරයින්ට වඩා අපේ ඉංග්‍රීසි හොඳයි. ඉන්දියන් කාරයෝ ඉංග්‍රීසි කතා කරන්නේ පාරේ ලේලන්ඩ් බස් යනවා වගේ. "මිස්ටර්ර්ර් යුවර්ර්ර් ගොයින් හියර්ර්ර් ටු දෙයර්ර්ර්....." (ස)
ඉස්සරහට බයවෙන්න එපා, අපේ අළුත් මහත්තයා තව ටික දවසකින් දියුණු කරලා ගනී. (නි)
අවුරුදු 30 කට ප්‍රථම කියවීමේ සහ ලිවීමේ හැකියාවෙන් ආසියාවේ පළමු තැන තිබුනේ ලංකාවට. දෙවෙනි තැන ජපානයට. ඉන්දියාව සිටියේ 10 වන තැනට වාගේ. අද ඔවුන් අපව පසු කර ඔවුන් ඉදිරියේ සිටිනවා. මෙතන මොකක් හෝ වැරදීමක් අපේ අධ්‍යාපන ක්‍රමයේ සහ පාලන ක්‍රමයේ සිදුවී තිබෙනවා. (ස)
මෙම ප්‍රතිචාර වලින් මට ගත හැක්කකට තියෙන්නේ ලහිරු මල්ලිගේ අහිංසක කියමන. ඔයාට ඉංග්‍රීසි කතා කරන්න පුරුදු වෙන්න ඕනේ නම් හොඳම ක්‍රමය සිංහල සරල කථනය ඉංග්‍රීසියට පරිවර්තනය කර පුහුණු වන්න. වාක්‍ය ගොඩනගන රටාව හොඳින් මතකයේ තියා ගන්න. තනියම හෝ කතා කර කර පුහුණු වන්න. වචන හරියට උච්චාරණය කරන්න ලජ්ජා නොවී කතා කරන්න ඔබට ජය නියතයි. (ස)
මේ වාර්තාව නම් සැක සහිත එකක් ඉන්දියන් කාරයෝ කතා කරන ඉංග්‍රීසි මෙන්ඩිස් කීව වගේම තමා !!! අආර් සද්දය නැතිව එක වචනයක්වත් කතා කරන්න අතලොස්සක් දෙනෙක්ට ඇරෙන්න බොහොම දෙනෙකුට අමාරුයි. (ස)
ඉංග්‍රීසි හොඳින් ප්‍රගුණ කිරීමත් අවශ්‍ය අවස්ථාවලදී පමණක් භාවිතා කිරීමත් ඉතා වටිනවා.ව්‍යක්ත ලෙස ඉංගිරිසි භාෂාව හසුරවන්නට ඉගෙන ගැනීමෙන් ජාතන්තරව අපවෙත විවිධෙකාර ප්‍රශ්න යොමුවීමේදී ඒවාට ඉතා හොඳින් පිළිතුරු දිය හැකිය. ඉංග්‍රීසි ආභරනයක් කර ගැනීම ලාමක බවේ ලක්ෂණයක්. එය අවශ්‍යවිට පමණක් භාවිතාකළ යුතු ආයුධයක්. ඉංග්‍රීසි කතාකිරීම පුහුණුවීමේ අරමුණින් සිංහල දෙදෙනෙක් ඉංග්‍රීසියෙන් කතාකිරීම වරදක් නොවේ. (ස)
අනේ අපි නොදන්නා ඉන්දියන් කාරයන්ගේ ඉන්ග්ලිෂ්. (ස)
අනේ මන්ද ? පසුගිය දවසක ලංකාදීපයේම තිබුනා, ලෝකයේම ලිංගික වෙබ් අඩවි පාවිච්චිය අතින් ලෝකයන්ම පළමු ස්ථානය ලංකාව . කියල ..! එතකොට ඒවා තිබුනේ සිංහලන්ද?(ස)
මටත් හම්බ උන නෙදර්ලන්තයේදී බොහෝ අය,මෙයාලගේ මව් භාෂාව දත්ච්, නමුත් බොහෝ අය ඉන්ග්ලිෂ් කතා කරනවා.නමුත් ෆ්‍රාන්ස ජාතිකයෝ කැමති නැහැ ඉන්ග්ලිෂ් කතා කරන්න. එයාල කියන්න අපේ භාෂාවත් ඉන්ග්ලිෂ් වගේ එකක් ඇයි උඹලට අපේ භාෂාව ඉගෙනගන්න බැරී කියලා. (ස)
මෙතන ඇත්තම කතාව සිරිමල්ගේ. මම එකගයි (නි)
ඉන්දියන් අයගේ ඉංග්‍රීසි අපිත් සමග සසදද්දී කොහොමත් හොඳ නැහැ. මම දැන් සෞදිවල අවුරුදු 14 මේ ඉන්දියන් අය එක්ක වැඩ කරන හින්දා හොඳට දන්නවා. ඒ වගේම තමයි මෙහෙ ඉන්න ලංකාවේ අයට තමන්ගේ මවු භාෂාව මතක නැහැ (නි)
අතිගරු බණ්ඩාරනායක ශ්‍රීමතාට පින්සිදුවන්න ලංකාවේ බහුතරයකට ඉංග්‍රීසි බෑ, එනිසා කලකට ඉහත බහුතරයක් වැදගත් රැකියා හිමිවුනේ සුළු ජාතීන්ට. ජවිපේ එක බණ්ඩාරනායක ගමන සක්තිමත් කලා, කරනවා, කරවී. ඒවගේම ප්‍රභාකරන් බණ්ඩාරනායක කලදේම තම ජාතියට කරලා ඉවරයි. මේ නිසා රටේ හිට් පිරිස විදේශගතවෙලා, රොඩු බොඩු ටික දැන් රටේ පිස්සු කෙලිනවා. (අ) ලංකාවේ බොහෝදෙනෙකුට සිංහලත් බෑ, දෙමලත් බෑ, ඉන්ග්‍රීසි බෑ, ඔක්කොම අච්චාරු කරගෙන් දොඩවනවා.