ඉන්දීයාවේ 12 වැනි උප ජනාධිපතිවරයා ලෙස හැත්තෑ පස් හැවිරිදි හමීඞ් අන්සාරි මහතා ඊයේ(7) තේරී පත් විය.
උප ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා පැවැති ඡුන්ද විමසීමේදී සමස්ත ඡුන්ද 736න් අන්සාරිට ඡුන්ද 490ක් ලැබුණු අතර ඔහුගේ ප‍්‍රතිවාදියා වූ ජස්වන්ත් සිංට ලැබුණේ ඡන්ද 238කි.
ඉකුත් මාසයේදී ඉන්දීය පාලක කොන්ග‍්‍රස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයකු වන ප‍්‍රනාබ් මුඛර්ජි එරට ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීමෙන් අනතුරුව එම පක්ෂය ලබා ගත් දෙවන ජයග‍්‍රහණය ලෙස අන්සාරි උප ජනපති වශයෙන් තේරී පත්වීම සැලකිය හැකි බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
රාජතාන්ත‍්‍රිකයෙකු සහ විද්වතෙකු වන අන්සාරි 2007 වසරේදී උප ජනපති ධූරයට තේරී පත් විය. ඉන්දියාවේ විශිෂ්ට පුරවැසියන්ට හිමි වන පද්ම ශ්‍රී සම්මානයෙන් ද පිදුම් ලැබූ අන්සාරි අලිගාර් මුස්ලිම් විශ්වවිද්‍යාලයේ උප කුලපතිවරයකු ලෙස ද කටයුතු කර ඇත.්
1
රාජ්‍ය සේවය කළශඹන ඉහළ පුටු සෙලවීම
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුදුස්සාට සුදුසු තැන..(නු)
අපෝ මුස්ලිම් කෙනෙක්නේ. (නි)
මුස්ලිම් එක්කෙනෙක්. ඉක්මණින් ජාතිචාදී ප්‍රතිචාර එවන්න. (නි)