ඉන්දුනීසියාවේ බාලි දූපතේ පිහිටි සිර කඳවුරක පෙරේදා(21) හටගත් කැරැල්ලක් මැඬපැවැත්වීමට එරට පොලිසිය සමත් විය.
කැරැල්ල මැඬපැවැත්වීමට උත්සාහ ගත් අවස්ථාවේදී පොලිසිය සහ රැඳවියන් අතර ඇති වූ ගැටුම්වලින් රැඳවියෝ දෙදෙනෙක් වෙඩි වැදීමෙන් තුවාල ලැබූහ. සිර කඳවුරේ විදේශික සිරකරුවන් 60ක් පමණ සිටින බවත් ඔවුනට කිසිදු අනතුරක් සිදු වී නොමැති බවත් එරට ආරක්ෂක අංශ ප‍්‍රකාශ කළේය.
රැඳවියන් පිරිසක් සිරකඳවුරේ පිහිටි ආරක්ෂක මුරපොළ අසල සේවයේ නිරත වූ ආරක්ෂක නිලධාරීන්ට පහරදීමත් සමඟ සිරකඳවුරේ නොසන්සුන්කාරී තත්ත්වය උද්ගත විය. අනතුරුව සිරකඳවුරේ පිහිටි කාර්යාලවලට කඩා වැදුණු රැඳවියන් ඒවා ගිනි තැබූ අතර ඒවායේ තිබූ අවි ඔවුන් සතු කර ගත් බව ඉන්දුනීසියා ආරක්ෂක අංශ පවසයි.
සිර කඳවුරේ හට ගත් නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීමට පොලිස් භටයන් සියදෙනකු පමණ යෙදවීමෙන් අනතුරුව සිර කඳවුරේ පාලනය තමන් යටතට ගැනීමට සමත් වූ බව පොලිස් ප‍්‍රකාශකයෙක් සඳහන් කළේය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ඉන්දුනීසියාවේ සිරකඳවුරක කැරැල්ලක්