ඉන්දියාව සහ ජර්මනිය ඔවුන්ගේ උපාය මාර්ගික සබඳතා ශක්තිමත් කර ගැනීමට එකඟත්වය පළ කර තිබේ. ඒ, ජර්මන් චාන්සලර් ෆෙඩ්‍රික් මර්ස්ගේ ඉන්දීය සංචාරය අතරතුරේ පැවැති ද්වී පාර්ශ්වීක සාකච්ඡාවලින් අනතුරුවය.

ද්විපාර්ශ්වික උපායමාර්ගික හවුල්කාරිත්වයේ 25 වන සංවත්සරය සනිටුහන් කරමින් ජර්මන් චාන්සලර් ෆෙඩ්‍රික් මර්ස් ඉන්දීය සංචාරයකට පැමිණි අතර, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගෙන් ඔහුට හිමිවූයේ ඉතා උණුසුම් පිළිගැනීමකි.  

ද්වී පාර්ශ්වික සාකච්ඡාවලින් අනතුරුව, ආරක්ෂක, තාක්‍ෂණය සහ පිරිසිදු බලශක්තිය යන ක්ෂේත්‍ර හරහා අවබෝධතා ගිවිසුම් 19ක් සහ ප්‍රධාන නිවේදන අටක් හුවමාරු වූ බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

එලඹෙන, යුරෝපා සංගමය සහ ඉන්දියාව අතර සමුළුවේ දී ඉන්දු - යුරෝපා සංගම් නිදහස් වෙළඳ ගිවිසුම අවසන් කිරීමට අදාළව, ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි සහ ජර්මානු චාන්සලර්වරයා සාකච්ඡා කළ බව ද වාර්තා වේ.