IMG-LOGO

ඉතාලියේ ලොම්බාර්ඩි ප්‍රදේශයට නැවතත් දැඩි සීමා



ඉතාලියේ ලොම්බාර්ඩි ප්‍රදේශයට නැවතත් නව කොරෝනා වයිරසය පැතිර යෑමේ සීමා පනවා ඇත.

‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසය පැතිර යෑමේ යුරෝපයේ මුල්ම කේන්ද්‍රස්ථානයට බවට පත්වූයේ ඉතාලියේ ලොම්බාර්ඩි ප්‍රදේශයයි.

මෙම කලාපය තුළ නව කොරෝනා වයිරසයේ දෙවැනි රැල්ලක් ඇති වී තිබෙන අතර ඒ හේතුවෙන් නව සීමා පැනවීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව අද (17) මධ්‍යම රාත්‍රියේ සිට බීමහල් වසා දමන්නැයි එරට බලධාරීන් නියෝග කර ඇත.

මෙම ප්‍රදේශයේ උතුරු ඉතාලියේ පිහිටි ධනවත් කලාපයක් ලෙස සැලකෙන අතර ක්‍රීඩා ඉසව් ද නවතා දමන්නැයි ද බලධාරීන් ඒවායේ සංවිධායකයන්ට උපදෙස් දී ඇත.

යුරෝපයෙන් මුල්වරට නව කොරෝනා වයිරස ආසාදිතයන් හඳුනා ගැනුණේ මෙම ප්‍රදේශයෙනි. ඒ ඉකුත් පෙබරවාරි මාසයේදීය.

නව සීමා ලබන මස 6 වැනිදා දක්වා ක්‍රියාත්මක වන අතර බීමහල්වල සේවය සැපයිය හැක්කේ පස්වරු 6 වනතෙක් පමණි. ඉන් අනතුරුව රැගෙන යෑමට මත්පැන් අලෙවිය තහනම් වන අතර මේසවල සිටින අයට පමණක් අලෙවි කළ හැකි ය.

ලොම්බාර්ඩි යනු ඉතාලියේ ජනාකීර්ණම ප්‍රදේශයකි. නව නීති අනුව පොදු ස්ථානවල ආහාර ගැනීම තහනම් ය. ලෝ ප්‍රකට මිලාන් නගරය පිහිටා ඇත්තේ ලොම්බාර්ඩි ප්‍රදේශයේ ය.


ඒ.එෆ්.පී. අනුග්‍රහයෙනි
- 055



අදහස් (0)

ඉතාලියේ ලොම්බාර්ඩි ප්‍රදේශයට නැවතත් දැඩි සීමා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 87 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 151 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 998 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site