ඉතාලියේ ආර්ථික අවපාතයෙන් එරට පාතාල නායකයින් හා ඔවුන්ගේ කල්ලි වල සාමාජිකයින්ද පීඩා විදිමින් සිටින්නේයැයි හෙළිවී තිබේ.

සිරගත කර සිටින ඉතාලියේ ප‍්‍රකට මාෆියා කල්ලියක් වන කොස් නොස්ට‍්‍රා හි නායක ජියෝවානි ඩි ගියාකොමෝ තම හිතවතෙකු හා සිදුකර ඇති සංවාදයකදී ඔහු තම කල්ලියේ තරුණ සාමාජිකයින්ට සැබෑ රැකියාවක් සොයාගැනීමට කාලය පැමිණ තිබෙන්නේයැයි පැවසූ බව එම සංවාදයට රහසේ සවන්දී ඇති ඉතාළි බළධාරීහු කියති.

ආර්ථික අවපාතය නිසා හෝටල හා වෙනත් ව්‍යාපාරික ස්ථාන එකක් පසු පස එකක් බැගින් වැසී යන වාතාවරණයක් අතිව තිබෙන හෙයින් කල්ලියේ පැවැත්මට කප්පම් ගැනීමත් අපහසුවී ඇතැයිද නායක ගියාකොමෝ තම හිතවතා සමග පැවසූ බව ඔවුහු පවසති.

පොලිස් තොරතුරු වලට අනුව කොස් නොස්ට‍්‍රා මාෆියා කල්ලිය ඇතුළු කල්ලි බොහෝමයක් ඉතාලියේ වත්මන් ආර්ථික වාතාවරණය හමුවේ තම සාමාජිකයින්ගේ වියදම් කපා හැරීමට කටයුතු කර තිබේ.ඒ කෙසේවුවත් කල්ලි නායකයින් නම් තවමත් සුඛෝපභෝගි දිවි පෙවෙත් ගත කරමින් සිටින බව සදහන්ය.