IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඉතියෝපියාවේ 232 ක් පණ පිටින් වැළලෙති

අප්‍රිකා රාජ්‍යයක් වන ඉතියෝපියාවේ සිදුවුණු නායයෑම් දෙකකින්, දෙසිය තිස් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. නායයෑම් හටගත්තේ නොකඩවා ඇද හැලුණු මහ වැසි හේතුවෙනි. 

මියගිය දෙසිය තිස් දෙදෙනා අතරේ, කාන්තාවන් 84 දෙනකු සිටින බව ද පැවැසෙයි. නායයෑම් දෙකම සිදුවූයේ එකම ස්ථානයේය. නායයෑමට හසුවූයේ ගෝෆා නමැති පිටිසර ප්‍රදේශයේ ගම්මානයකි. පළමු නායයෑමෙන් ගම්මානයේ නිවාස රැසක් මඩ සහ පස් තට්ටු අතරේ සැඟවී යද්දී නිවාස තුළ සිටි පිරිස් ද පණ පිටින් වැළලිණි.

එම පිරිස් මුදා ගැනීමට කඩිනමින් මෙහෙයුම් ඇරඹිණි. දෙවැනි නායයෑම හටගත්තේ දිවි ගලවා ගැනීම් සිදුවෙද්දීය. දිවි ගලවා ගැනීමට පැමිණි බොහෝ දෙනකු එම දෙවැනි නායයෑමට හසුවීමෙන් ජීවිතක්ෂයට පත්වුණු බව පැවැසෙයි.

පස් සහ මඩ තට්ටු අතරේ සිරවුණු පස් දෙනකු ඊයේ (23) බේරා ගැනීමට හැකිවුවත්, සෙසු පිරිස බේරා ගැනීම ගැටලුවක් වී ඇතැයි ඉතියෝපියානු රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. ඉතියෝපියාව අප්‍රිකානු රාජ්‍යයකි.

(ඒ.එෆ්.පී.)



අදහස් (1)

ඉතියෝපියාවේ 232 ක් පණ පිටින් වැළලෙති

රංබොඩ Wednesday, 24 July 2024 10:57 AM

පෑවිල්ලෙන්ම දුක් විඳින මිනිසුන් වැස්ස නිසා පොළොවට යට වුණා කියන එක මහා ඛේදවාචකයක්

:       1       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 153 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 953 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site