ඊසානදිග ඇෆ්ගනිස්තානයේ ගම්බද ප‍්‍රදේශයක පෙරේදා(06) සිදු වූ හිම කඳු කඩා වැටීමකින් පුද්ගලයන් තිස් හත් දෙනකු මියගොස් ඇති බවත් දස දෙනකුට අධික පිරිසක් හිම තට්ටුවලට සිර වී සිටින බවත් වාර්තා වේ. බඩක්ෂාන් ප‍්‍රදේශයේ පිහිටි කඳුකර ගම්මානයක මෙලෙස හිම කඳු කඩා වැටීම සිදුව ඇත්තේ පෙර දිනයේ අධික ලෙස හිම පතනය වීමෙන් අනතුරුව ප‍්‍රදේශයේ උෂ්ණත්වය ඉහළ යාමත් සමඟ බව ඇෆ්ගන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. අවුරුදු පහළොවක් තුළ ඇෆ්ගනිස්තානයට බලපෑ දරුණුතම කාලගුණික තත්ත්වයෙන් එරට වැසියෝ මේ වන විට පීඩාවට පත්ව සිටිති. අයහපත් කාලගුණය හේතුවෙන් මෙම සිදුවීමත් සමඟ මියගිය පුද්ගලයන්ගේ ගණන 80 දක්වා ඉහළ ගොස් ඇති බව එරට ආපදා කළමනාකරණ අංශ පෙන්වා දෙයි.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd