තෙදින නිල සංචාරයක් සදහා ඇෆ්ගනිස්ථාන ජනපති හමිඞ් කර්සායි ලබන පස්වැනිදා දිවයිනට පැමිණීමට නියමිතය.
ශී‍්‍ර ලංකාව හා ඇෆ්ගනිස්ථානය අතර ද්විපාර්ශවික සබදතා තවදුරටත් වර්ධනය කර ගැනිීම ඔහුගේ සංචාරයේ අරමුණයි.ශී‍්‍රලංකාවේ ජනපති මහින්ද රාජපක්ෂ හා විශේෂ හමුවකටද ඇෆ්ගනිස්ථාන ජනපතිවරයා සහභාගී වනු ඇත.
දෙරට අතර ගිවිසුම් කිහිපයකටම අත්සන් තැබීමට නියමිත අතර ඇෆ්ගනිස්ථානයේ සේවය කිරීමට ශී‍්‍ර ලාංකික ශ‍්‍රමිකයින් හට අවස්ථා ලබා දීම,ඇෆ්ගනිස්ථානයේ හෙදියන්හට ශී‍්‍ර ලංකාවේදී පුහුණුව ලබා දීම,හා අධ්‍යාපන හා ක්‍රිඩා ක්ෂේත‍්‍රය නගා සිටුවීම සම්බන්ධයෙන් වන ගිවිසුම් ඒවා අතර වන බව දැක්වේ.
ප‍්‍රථම වරට ශී‍්‍රලංකාවේ ඇතිකෙරෙන ඇෆ්ගනිස්ථාන තානාපති කාර්යාලය විවෘත කිරීම සංචාරය අතරතුරදී ජනපති කර්සායි අතින් සිදුකිරීමට සැළසුම් කර ඇතැයි ශී‍්‍ර ලංකා විදේශ අමාත්‍යංශ ආරංචි මාර්ග කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්තවාදීන්ගෙන් වෙන සෙතක් නැත.(නදී)
අපේ වෘතිකයන් සහ ගොඩනැගිලි / සේවා අංශ වලට එහි ඉදිකිරීම් සැලසුම් කිරීම් කරන්නට අවස්ථාව ගන්න පුළුන්නම් හොදයි. ඒ රටට නය මුදල් ලබාදී අපේ නිමි භාණ්ඩ සහ දැනුම මිලට ගන්නට උනන්දු කරවන්න ඕනා.(නදී)
ඔය වගේ වැඩක් නැති රටවල අය තමා මෙහෙට එන්නේ.(නදී)
බාමියන් බුදු පිළිම මතක් වෙනවා (අ)