ඇෆ්ගනිස්තානයේ පළමු කාන්තා පොලිස් ප‍්‍රධානිය කාබුල් නුවර පොලිස් ස්ථානයේ වැඩ භාර ගත්තේය. ඇය ජමිලා බයස් (37) නැමැත්ති තෙදරු මවකි.
අවුරුදු 25 ක රාජකාරී පළපුරුද්දක් ඇති ජමිලාට හිමි වී ඇත්තේද කාබුල් නගරය වැනි ජනාකීර්ණ ප‍්‍රදේශයකි. ඒ ඇගේ තනතුර කෙසේ වෙතත් ඇගේ පළපුරුද්දෙන්ම පාලනය කිරීමට හැකි බව බලධාරීහු කීහ.
පොලිස් භටයන්ට පමණක් නොව ඇෆ්ගනිස්ථානයේ පොලිස් කාන්තාවන්ටද විවිධ අපරාධකාරී තර්ජන එල්ල වෙයි.
ඇයට මෙම තනතුර ලැබීම සම්බන්ධයෙන් ඇගේ පියා, සහෝදරයා සහ සහෝදරිය ඇයට කෙතරම් විරුද්ධවීද යත් ඇගේ සහෝදරයා තුන් වතාවක් ඇය මැරීමට තැත් කළේය. ආදර්ශවත් මවක් ලෙස දිවි ගෙවන ඇය අනෙක් කාන්තාවන්ටද තම පෞරුෂය, ජාතිකාමීත්වය පෙන්වීමට මෙම තනතුර කෙසේ හෝ භාරගත් බව සඳහන් කරන්නීය.
එසේම මෙම තනතුරින් පසුව කාන්තාවන් විශාල ප‍්‍රමාණයක් පොලිසියට එක් වේයයි ඔවුන් විශ්වාස කරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම හොදා (අ)
මාර නිල ඇඳුමක්නේතියෙන්නේ. ඒක හොඳ පෙනුමයි. (අ)
පොලිසියට බැඳිලා තියෙන්නේ අවුරුදු කීයෙන්ද (අ)
අවුරැදු 12 දීද පොලිසියට බැදුනේ (දී)
පොලිසියට බැඳිලා තියෙන්නේ අවරුදු 12 දීද? (අ)
දෙවන පින්තුරෙ පැත්තකින් ඉන්නේ පොලිස් නිලධාරින්ද?.ලංකාවේ පොලිස් නිලධාරින් කොච්චර ලස්සනට ඇදලා ඉන්නවද ලංකාවේ මිනිස්සුන්ට අගයක් නැති උනාට. (අ)
ඇගේ පියා, සහෝදරයා සහ සහෝදරිය නියම ඉස්ලාම් භක්තිකයෝ වගේ. ඔය සහෝදරයට විරුද්ධව ඉස්සෙල්ලම නඩුවක් දාන්න ඕනෑ මිනීමැරීමට තත් කලාට. (අ)