IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


ඇෆ්ගන් අභ්‍යන්තර කටයුතු අමත්‍යංශයේදී ඇමෙරිකා හමුදා නිලධාරීන් දෙදෙනකුට වෙඩි

ඇෆ්ගනිස්තානයේ කාබුල් නුවර පිහිටි එරට අභ්‍යන්තර කටයුතු පිළිබඳ කාර්යාලයකට පෙරේදා (25) සවස හදිසියේම කඩා වැදුණු ආයුධ සන්නද්ධ පිරිසක් එහි සිටි ඇමෙරිකා හමුදා නිලධාරීන් දෙදෙනකු වෙඩි තබා ඝාතනය කළහ. වෙඩි ප‍්‍රහාරයෙන් මියගියේ ඇමෙරිකන් හමුදා මේජර්වරයකු සහ කර්නල්වරයෙකි. ප‍්‍රහාරයෙන් පසු කාර්යාලයේ සේවය කළ සෙසු හමුදා නිලධාරීන් සියල්ලන්ම ඉවත් කර ගැනීමට නේටෝ හමුදාව කටයුතු කළේය. වෙඩි ප‍්‍රහාරය එල්ලවූයේ නේටෝ හමුදා කඳවුරකදී විදෙස් හමුදා සෙබළුන් කිහිප දෙනකු, ශුද්ධ වූ කුරාණ පොත් ගිනි තැබීමකට එරෙහිව ඇෆ්ගනිස්තානය පුරා විරෝධතා සහ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා පවතිද්දීය. එම ඇමෙරිකා හමුදා නිලධාරීන් දෙදෙනා ඝාතනය ඉතා බියගුලූ කි‍්‍රයාවක් ලෙස හැඳින්වූ නේටෝ හමුදා ජනරාල් ජෝන් ඇලන් වැඩිදුරටත් කියා සිටියේ එම කාර්යාලයේ සේවය කළ හමුදා නිලධාරීන් ඉවත් කර ගැනීමට කටයුතු කළ බවත්, ඝාතකයන්ට සුදුසු පිළිතුරු යථා කාලයේදී ලබා දෙන බවත්ය. අභ්‍යන්තර කටයුතු පිළිබඳ කාර්යාල සිටි හමුදා නිලධාරීන් දෙදෙනාගේ ඝාතනය තලේබාන් සංවිධානය විසින් බාර ගනු ලැබ ඇති අතර ඔවුන් එසේ කළේ කුරාණ පොත් ගිනි තැබීමට එරෙහිව පළි ගන්නටැයි ද ප‍්‍රකාශ කර තිබේ. මීට පස් දිනකට පෙර, එම කුරාණ පොත්වලට ගිනි තැබීම සිදුවූයේ ඇෆ්ගනිස්තානයේ බද්‍රාම් නුවර නේටෝ හමුදා කඳවුරේදීය. කෙසේ නමුත් කුරාණ පොත් ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඇමෙරිකාවත් නේටෝවත් සිය කනගාටුව ප‍්‍රකාශ කරමින් ඇෆ්ගන් ජනාධිපති හමීඞ් කර්සායිට ලිපියක් ද එවා ඇත. එය හිතාමතා කරන ලද්දක් නොවන බව එම ලිපියෙහි සඳහන් වේ. කුරාණ ගිනිතැබීමට එරෙහිව විරෝධය පළ කරමින් ඊයේ (26) දිනයේ දී ද ඇෆ්ගනිස්තානය පුරා උද්ඝෝෂණ සහ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිදුවිය. ඉකුත් සතියේ ඇරැඹි එම උද්ඝෝෂණ මැඬැලීමේදී හටගත් ගැටුම්වලින් මියගිය ගණන 27 ක් යැයි ඇෆ්ගන් ආරක්ෂක අංශ පවසයි.



අදහස් (0)

ඇෆ්ගන් අභ්‍යන්තර කටයුතු අමත්‍යංශයේදී ඇමෙරිකා හමුදා නිලධාරීන් දෙදෙනකුට වෙඩි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 122 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 40 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 740 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site