ඇමෙරිකාවෙන් සහ ඊශ්‍රායලයෙන්, ඉරානයේ තෙහෙරාන් අගනුවර විද්‍යා හා තාක්ෂණ විශ්වවිද්‍යාලයට එල්ල වූ මිසයිල ප්‍රහාරයට පළිගැනීමක් ලෙස, ඊශ්‍රායලයේ සහ අසල්වැසි ගල්ෆ් කලාපයේ රටවල ඇමෙරිකන් විශ්ව විද්‍යාලවල ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කිරීමට තමන් පසුබට නොවන බව ඉරාන විප්ලවීය විප්ලවීය ආරක්ෂක බලකාය අනතුරු ඇගවීය.

ඇමෙරිකාව සහ ඊශ්‍රායලය ඉරානයේ පාසල් සහ විශ්ව විද්‍යාල ආදියට එල්ල කරන ප්‍රහාර වහා නැවැත්විය යුතු බව ඉරාන රජය තරයේ අවවාද කර ඇත්තේ, ඇමෙරිකාව යුද අපරාධ සිදු කරන බවට චෝදනා නගමිනි.

ඇමෙරිකාව සහ ඊශ්‍රායලය එක් වී, ඉරානයට පහර දීමට පටන් ගත්තේ ඉකුත් පෙපරවාරි 28 වැනදාය. එදින ඇමෙරිකාව එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් ඉරාන බාලිකා පාසලක් සුනුවිසුණු විය.

එම පාසලට ඇමෙරිකන් නාවික හමුදාව කෲස් මිසයිලයකින් පහර දුන් අතර, ප්‍රහාරයෙන් මියගිය බාලිකාවන් ගණන 168 කි. එය ඉතා කුරිරු අපරාධයක් බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවා පවසා ඇත.

බාලිකා පාසලට එල්ල වුණු මෙම සම්බන්ධයෙන් ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ, ඉරාක බාලිකා පාසලට පහර දෙන්න ඇත්තේ ඉරාන හමුදාව බවය.

ඉරාන හමුදාවේ මිසයිලවලට නිවැරදි ඉලක්කය සොයා ගැනීමට නොහැකි බැවින්, ඉරාන හමුදාවේ මිසයිලයක් බාලිකා පාසලකට එල්ල වන්න ඇතැයි ද ට්‍රම්ප් පවසා ඇත්තේ උසුළු විසුළු කරමිණි.

බාලිකා පාසලට පහර දීම සම්බන්ධයෙන් ද ඇමෙරිකාව ජනාධිපති ප්‍රමුඛ රජයටත්, ඇමෙරිකන් හමුදාවටත් කිසිදු සමාවක් නොදෙන බට ඉරානය අනතුරු අගවා ඇත.

බාලිකා පාසලට ප්‍රහාර එල්ල කිරීමට අණදුන් ඇමෙරිකන් නාවික හමුදා ප්‍රධානීන් දෙදෙනා ලෙස ලී ආර් ටේට් සහ ජෙෆ්රි ඊ යෝක් දෙදෙනා යැයි ඉරාන රජය චෝදනා නගයි. ඒ, එම ඇමෙරිකන්හමුදා ප්‍රධානීන් දෙදෙනාගේ ඡායාරූප විදේශවල ඉරාන තානාපති කාර්යාල හරහා ප්‍රසිද්ධියට පත් කරමිණි.

‘යූඑස්එස් ස්පෲවාන්ස්’ යුද නෞකාවේ සිට මෙම නිලධාරීන් දෙදෙනා ලබා දුන් විධානයට අනුව, ඇමෙරිකාව එම බාලිකා පාසලට පහර දුන් බව ඉරාන විප්ලවීය හමුදාව අවධාරණය කර ඇත.