
ඇමෙරිකන් සෙබළුන් ගොඩබිම් ප්‍රහාරයකට පැමිණෙන තුරු ඉරානය බලා සිටින බවත්, එය ඇමෙරිකන් සෙබළුන්ගේ ‘මළගම’ වනු ඇති බවත් ඉරාන පාර්ලිමේන්තු කථානායක මොහොමඩ් බගර් ගලිබාෆ් ඇමෙරිකාවට අනතුරු ඇගවීය.
ඉරාන පාර්ලිමේන්තු කථානායකවරයා මෙසේ ඇමෙරිකාවට අනතුරු ඇගවූයේ ඉරානයට ගොඩබිම් ප්‍රහාර එල්ල කිරීමට තම හමුදා සූදානමින් සිටන බව ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ප්‍රකාශයට පිළිතුරු දෙමිනි.
ඉරානයේ ගොඩබිම් ප්‍රහාර සඳහා පැමිණෙන ඇමෙරිකානු සෙබළුන් ‘පිළිගැනීමට’ ඉරාන හමුදාව සූදානම් බවත්, ලක්ෂ 10 කට වැඩි තරුණයන් පිරිසක් ස්වේච්ඡාවෙන් හමුදාව සමග එක් වී සටනට සූදානමින් සිටින බවත් ඉරාන පාර්ලිමේන්තු කථානායක මොහොමඩ් බගර් ගලිබාෆ් පැහැදිලි කර ඇත.
ඉරාන විප්ලවීය හමුදාව, ඇමෙරිකාවය අනතුරු අගවමින් පවසා ඇත්තේ ඉරාන භූමියට පය තබන ඇමෙරිකව් සෙබළු පණ පිටින් පුළුස්සා දමන බවත්, ඔවුන්ට ආපසු යෑමට සිදුවන්නේ මිනී පෙට්ටිවලින් බවත්ය.
මේ වනවිට ඉරානයේ කාර්ග් දූපතට පහර දී එය අත්පත් කර ගැනීමේ සැලැස්මක් ඇමෙරිකාව සතුව පවතී. ඇමෙරිකන් නාවික භටයන් සහ මැරීන් භටයන් 3,500 දෙනකුගෙන් සමන්විත යූ එස් එස් ට්‍රිපොලි යුද නෞකාව ද මැදපෙරචිග කලාපයට සෙන්දු වී ඇති බව ඇමෙරිකන් ආරක්ෂක දෙපාර්තමේන්තුව හෙවත් පෙන්ටගනය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ඇමෙරිකා ජනාධිපති ඩොනප්ඩ් ට්‍රම්ප් ප්රමුඛ ඔහුගේ කණ්ඩායම, ඉරානය සමඟ සාකච්ඡා පවත්වන බව දිගින් දිගටම පවසමින්, රහසේ ඉරානයට ලොඩබිම් ප්‍රහාර එල්ල කිරීමට සැලැසුම් සකස් කර අවසන් බවය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd