IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


ඇමෙරිකාවෙන් දිනක් ඇතුළත නව කොරෝනා වයිරස ආසාදිතයන් 55,000ක්

ඇමෙරිකා එක්සත් ජනපදයෙන් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන අද (3) වාර්තා වූ අතර එම ගණන 55,000 ඉක්මවා ගියේය.

ඒ අනුව නව කොරෝනා වයිරසය ලොවපුරා පැතිර යෑමට පටන් ගැනීමෙන් පසුව එක් රටකින් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම වයිරස ආසාදිතයන්ගේ ගණන එය විය.

මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්ත රැසකින් දිනපතා වාර්තා වන කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන වේගයෙන් වැඩිවෙමින් තිබේ. මේ තත්ත්වය හේතුවෙන් වයිරසය පාලනය කිරීමට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගත් ක්‍රියාමාර්ග නැවත වරක් දැඩි විවේචනයට ලක්ව ඇත. දෛනිකව වාර්තා වන වයිරස ආසාදිතයන් වැඩි වීමත් සමඟ ඇතැම් ප්‍රාන්ත නැවත විවෘත කිරීම් කල් දැමීමටත් වයිරසය පැතිර යෑම වැළැක්වීමට පැනවූ සීමා තවදුරටත් පවත්වාගෙන යෑමටත් පියවර ගෙන ඇත.

ඇමෙරිකා එක්සත් ජනපදයෙන් බ්‍රහස්පතින්දා, එනම් ඊයේ දිනයේදී වාර්තා වූ සමස්ත ආසාදිතයන්ගේ ගණන 55,274ක් විය. එය දිනක් ඇතුළත ඕනෑම රටකින් වාර්තා වූ වැඩිම නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන විය. මීට පෙර බ්‍රසීලයෙන් ජූනි 19 වැනිදා වයිරස ආසාදිතයන් 54,771ක් හඳුනාගෙන තිබිණි.

ෆ්ලෝරීඩාව ඇතුළු ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්ත 50න් ප්‍රාන්ත 37කම දෛනිකව වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ ගණන වේගයෙන් වැඩිවෙමින් තිබේ. ෆ්ලෝරීඩා ප්‍රාන්තයෙන් ඊයේ වාර්තා වූ නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන 10,000 ඉක්මවා ගොස් තිබිණි. දිනක් ඇතුළත ෆ්ලෝරීඩා ප්‍රාන්තයෙන් වාර්තා වූ වැඩිම ආසාදිතයන්ගේ ගණන ද එය විය. එම ගණන යුරෝපයේ රටකින් දිනක් ඇතුළත වාර්තා වූ නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන ද ඉක්මවා ගොස් තිබිණි.

ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තය ද වයිරසය පැතිර යෑමේ කේන්ද්‍රස්ථානයක් බවට පත්ව තිබේ. එම ප්‍රාන්තයේ වයිරසය ආසාදනය වූ බව හඳුනාගත් පිරිසගේ සංඛ්‍යාව සියයට 37කින් ඉහළ ගොස් තිබෙන අතර වයිරසය ආසාදනය වී රෝහල් ගත කරන පිරිසගේ සංඛ්‍යාව පසුගිය සති දෙකක කාලයේදී සියයට 56කින් ඉහළ ගොස් ඇත.

රොයිටර්

055

 



අදහස් (2)

ඇමෙරිකාවෙන් දිනක් ඇතුළත නව කොරෝනා වයිරස ආසාදිතයන් 55,000ක්

මුණසිංහ Saturday, 04 July 2020 02:29 AM

දැන් ට්‍රම්ප් කියන විදියට ඇමරිකාවට ලොකු ගෞරවයක් හිමි වෙලා ඇති නේද?

:       0       0

susantha Sunday, 05 July 2020 08:16 AM

අපේ පුතාණෝ ආදර්ශයට ගන්න කිව්ව රටනෙ මේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 23 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 869 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2505 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site