ඇමෙරිකාවට ගැති නොවන ශක්තිමත් රජයක් පාකිස්තානයට අවශ්‍ය යැයි පාකිස්තානයේ හිටපු කි‍්‍රකට් නායකයකු මෙන්ම ‘තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂයේ නායකයා ද වන ඉම්රාන් ඛාන් පෙරේදා (25) කරච්චි නුවරදී ජන රැුලියක් අමතමින් කියා සිටියේය.
එම ජන රැුලියට ලක්ෂයකට වැඩි පිරිසක් සහභාගී වූ බව පාකිස්තාන පුවත් සේවා වාර්තා කරයි. පාකිස්තානයේ පාලක පක්ෂය වන ‘පාකිස්තාන ජනතා පක්ෂයේ’ දුර්වලතා රැුසක් විවේචනය කළ ඉම්රාන් ඛාන් රැුස්ව සිටි පිරිස අමතමින් කියා සිටියේ රටේෂණ වංචා සියල්ල සෝදා දැමීමට සුනාමියක් අවශ්‍ය බවය.
ඊට අමතරව පාකිස්තාන රජය, ඇමෙරිකාවේ වාලකු නොවිය යුතු බවත් ඇමෙරිකාවට ගැතිකම් නොකළ යුතු බවත් ඉම්රාන් ඛාන් පැවැසීය.
පාකිස්තාන ජනාධිපති අසීෆ් අලී සර්දාරි ප‍්‍රමුඛ රජය, ඇමෙරිකාවේ පදේට නටනවා යැයි ඉම්රාන් ඛාන් චෝදනා කළේය. ඇමෙරිකාව සමඟ මිතුදමක් පැවැතිය යුතු නම් එය වාල්කමක් නොවිය යුතු බවත් ඔහු අවධාරණය කළේය.
ඇමෙරිකාවට ගැතිකම් කරන පාකිස්තාන ජනපති සර්දාරි ධුරයෙන් ඉත් විය යුතු යැයි ඉම්රාන් ඛාන් පැවැසූ අවස්ථාවේදී රැුස්ව සිටි පිරිස පී‍්‍රති ඝෝෂා නැගූහ. ඔවුන් එක හඬින් කියා සිටියේ ‘පාකිස්තානයේ ගැලවුම්කරු ඉම්රාන් ඛාන් කියාය.
පාකිස්තානයේ අසහාය කි‍්‍රකට් විරුවකු වන ඉම්රාන් ඛාන් (58) දේශපාලනයට පිවිස වසර 15 ක් ගත වී ඇත. ඔහු විසින් පිහිටුවනු ලැබූ ‘තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂය මීට පෙර අවස්ථා කිහිපයකදී ද ඇමෙරිකාව එල්ල කරන ප‍්‍රහාරවලින් පාකිස්තාන සිවිල් වැසියන් ඝාතනය වීම සම්බන්ධයෙන් වීදි බැස විරෝධතා රැුළි පත්වා ඇත.
දුර්වල පාලනය හේතුවෙන් පාකිස්තාන ජනාධිපති අසීෆ් අලී සර්දාරිට ධුරයෙන් ඉවත් වන්නැයි පාකිස්තාන හමුදාවෙන් ද බලපෑම් එල්ල වෙමින් පවතී.

2025 දෙසැම්බර් මස 18
227
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
173
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
979
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඇමෙරිකාවට ගැති නොවන රජයක් පාකිස්තානයට ඕනෑ