
ඇමෙරිකාවට සිටින ලොකුම සතුරා ඉරානය යැයි ඇමෙරිකන් උප ජනාධිපතිනී කමලා හැරිස් පවසයි. ඇමෙරිකන් ජනාධිපතිවරණය ලබන නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙන අතර, ජනාධිපතිවරණයට ඩිමොක්‍රටික් පක්ෂයෙන් ඉදිරිපත් වන්නේ කමලා හැරිස්ය.
කමලා හැරිස් ජනාධිපතිවරණය ජයග්‍රහණය කළොත්, ඇය ඇමෙරිකා ජනාධිපති ධුරයට පත්වන පළමු කාන්තාව වනු ඇත. ඇමෙරිකාවට සිටින ලොකුම සතුරා ඉරානය යැයි කමලා හැරිස් ප්‍රකාශ කළේ ඇමෙරිකාවේ සී.බී.එස්. පුවත් නාළිකාව සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි.
කමලා හැරිස් ඇමෙරිකා ජනාධිපති ධුරයට පත්වුවහොත් ඇය ඊශ්‍රායලයට දිගින් දිගටම සහාය දක්වමින් දැඩි ඉරාන විරෝධී ප්‍රතිපත්තියක් අනුගමනය කරනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයන්ගේ අදහසය.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම හිතුවේ විමල් වීරවංශ කියලා ...
අනුන් හට එක් ඇඟිල්ලක් දික්කරන විට, තමුන් දෙසට ඇඟිලි 4ක්ම දික්වෙන බව නොදැනද මේ කතා කරන්නේ...?
පිස්සු තමි.. මෙයා කරන ජනාධිපතිකම...