IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඇමෙරිකාවේ ආයුධ අලෙවිය වැඩිවෙලා

ඇමෙරිකාවේ ආයුධ අලෙවිය පසුගිය 2023 වසරේ ඉතා සීඝ්‍රයෙන් ඉහළ ගිය බවත්, රුසියන් යුක්රේන යුද්ධය සහ ඊශ්‍රායල හමාස් ගැටුම ඊට හේතුව වූ බවත් විදෙස් මාධ්‍ය අනාවරණය කර ඇත.

පසුගිය 2023 වසරේ ආයුධ අලෙවියෙන් ඇමෙරිකාව ලැබූ මුදල ඇමෙරිකන් ඩොලර් බිලියන 238 පසු කර තිබේ. ඇමෙරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුවට අනුව, ඇමෙරිකන් රජය සෘජුව මැදිහත් වී, සිදු කළ ආයුධ ගනුදෙනුවල වටිනාකම ඇමෙරිකන් ඩොලර් බිලියන 81 කි. සෙසු ආයුධ ගනුදෙනු සිදුවී ඇත්තේ, ඇමෙරිකන් ආරක්ෂක සමාගම් මැදිහත් වෙමිනි.

රුසියාව, යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියාමාර්ගයක් අනුගමනය කළේ, යුක්රේනය ‘නේටෝ’ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයේ සාමාජිකත්වය අපේක්ෂා කළ බැවිනි. ‘නේටෝ’ යනු රුසියාවට, එරෙහිව බටහිර රටවල් පිහිටුවාගෙන ඇති යුද සන්ධානයයි.

රුසියන් යුක්රේන අර්බුදයේ දී, රුසියාවේ සහාය හිමිවන්නේ බටහිර හිතවාදී යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කීගේ රජයටය. හමුදා ක්‍රියා මාර්ගය ආරම්භ වූ දින පටන් ඇමෙරිකාවෙන්, යුක්රේන රජයට ආධාර වශයෙන් අවි ආයුධ ලබා දීම සහ මූල්‍ය සහාය ලබා දීම සිදු කරයි. ඊට අමතරව, ආයුධ අලෙවිය ද සිදු කරයි.

2022 වසරේ, රුසියන් යුක්රේන යුද්ධය කලාපීය වශයෙන් අර්බුද නිර්මාණය කරද්දී, යුක්රේනයේ අසල්වැසියා වන පෝලන්තය, රුසියාවෙන් තර්ජන එල්ල වීමේ ඉඩ ඇති බැවින්, සිය යුද ශක්තිය තරකරගෙන ඇත්තේ ඇමෙරිකාවෙන් අවි ආයුධ සහ යුධෝපකරණ මිලදී ගැනීමෙනි.

පෝලන්තය, ඇමෙරිකාවෙන් මිලදී ගත්, ‘ඇපාචි’ වර්ගයේ ප්‍රහාරක හෙලිකොප්ටර් යානාවල වටිනාකම ඇමෙරිකන් ඩොලර් බිලියන 12 කි. පෝලන්තය ඇමෙරිකාවෙන් මිලදී ගෙන ඇති ‘හිමාර්ස්’ වර්ගයේ ප්‍රහාරක රොකට් පද්ධතිවල වටිනාකම ඇමෙරිකන් ඩොලර් බිලියන 10 කි.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

ඇමෙරිකාවේ ආයුධ අලෙවිය වැඩිවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 145 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site