
රුසියන් යුක්රේන යුද්ධය නිමා කිරීමට, ඇමෙරිකාව මැදිහත් වී යෝජනා කළ දින 30 ක සටන් විරාමයට යුක්රේනය කැමැත්ත පළ කළේය.
යුක්රේන රජය නියෝජනය කරමින් නියෝජිත කණ්ඩායමක් සහ ඇමෙරිකන් රජයේ නියෝජිතයන් අතරේ හමුවක්, සෞදියේ ජෙඩා නුවරදී පැවැත්විණි. සෞදි රජයේ නියෝජිතයෝ සාකච්ඡා සඳහා මැදිහත්කරුවන් ලෙස පෙනී සිටියහ.
යුක්රේන රජයේ නියෝජිත කණ්ඩායමට නායකත්වය දුන්නේ, ඔන්ද්‍රි යාමැක්ය. මොහු යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී වෙනුවෙන් යුක්රේන ජනාධිපති කාර්යාලයේ නියෝජිතයාය.
දීර්ඝ වශයෙන් පැවැති සාකච්ඡාවලින් අනතුරුව, ඇමෙරිකාව යෝජනා කළ දින 30 ක සටන් විරාමයට කැමැත්ත පළ කිරීමට යුක්රේන නියෝජිතයෝ එකඟ වූහ.
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය නියෝජනය කරමින්, සෞදියේ පැවැති සාකච්ඡා සඳහා සහභාගී වුණු ඇමෙරිකන් නියෝජිත කණ්ඩායමට නායකත්වය දුන්නේ ඇමෙරින් රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝය.
මීට සති දෙකකට පෙර, පසුගිය 28 වැනිදා යුක්රේන ජනාධිපති සෙලන්ස්කී, යුක්රේනයේ ඛනිජ සම්පත් සම්බන්ධයෙන් ඇමෙරිකාව සමඟ ඇමෙරිකන් ඩොලර් ට්‍රිලියන ගණනක ගනුදෙනුවකට අත්සන් තැබීමට ධවල මන්දිරයට ගියේය. ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උප ජනාධිපති ජේ.ඩී. වැන්ස් එක් වී යුක්රේන ජනාධිපතිවරයාට දෙහි කැපුවේ එම අවස්ථාවේදීය.
එම සිද්ධියෙන් පසු ඇමෙරිකාවත් යුක්රේනයත් අතර හොඳහිත පළුදු වුණු අතර, කෝපයට පත්ව සිටි ට්‍රම්ප්, සෙලෙන්ස්කීට පරිභව කරමින්, ඇමෙරිකාව යුක්රේනයට ලබා දුන් සියලුම යුද ආධාර නැවැත්වීමට අණ දුන්නේය.
ප්‍රංශය, මහා බ්‍රිතාන්‍යය ඇතුළුබටහිර යුරෝපා රටවල් යුක්රේනයේ සහායට ඉදිරිපත් වුණු අතර, එම රටවල් සහ යුක්රේනය එක් වී රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමට සටන් විරාම වැඩපිළිවෙළක් ද සකස් කෙරුණි.
සෞදියේ රතු මුහුද ආශ්‍රිත ජෙඩා නුවරදී, ඇමෙරිකන් නියෝජිතයන් හමුවුණු අවස්ථාවේදී, එම සටන් විරාම වැඩපිළිවෙළ ද යුක්රේන නියෝජිත කණ්ඩායම ඇමෙරිකන් නියෝජිතයන්ට ඉදිරිපත් කළ බව වාර්තා වේ.
ඇමෙරිකාව මැදිහත් වී යෝජනා කළ දින 30 ක සටන් විරාමයට යුක්රේනය කැමැත්ත පළ කිරීමත් සමඟ, යුක්රේනය සමඟ බුද්ධි තොරතුරු යළි ස්ථාපිත කිරීමටත්, යුක්රේනයට අවශ්‍ය ආරක්ෂක සහාය යළි ලබා දීමටත් ට්‍රම්ප් පරිපාලනය එසැණින් කටයුතු කළේය.
‘අප මැදිහත් වී සකස් කළ සටන් විරාමයට සහ සාම සැලැස්මට යුක්රේනය කැමැත්ත පළ කිරීම සතුටක්. දැන් අප එය රුසියාවට යොමු කරනවා. රුසියාවෙන් ඊට කැමැත්ත පළ වුණොත් සටන් විරාමය ආරම්භ වනු ඇත. එය සාර්ථක වුවහොත් අපට යුද්ධය සම්පූර්ණයෙයන් නැවැත්වීමට පූර්ණ සටන් විරාමයකට යන්න පුළුවන් වේවි’ යැයි ඇමෙරිකන් රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ අවධාරණය කළේය.
(ඒ.එෆ්.පී.)
2025 දෙසැම්බර් මස 18
563
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
279
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1081
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඇමෙරිකන් සටන් විරාමයට යුක්රේනය කැමතියි
fairoos Wednesday, 12 March 2025 12:22 PM
එතකොට ඇමෙරිකාව ආයුධ ටික කොහොමද විකුණගන්නේ?