ඉරාකයේ පිහිටි තම තානාපති කාර්යාලය, කොන්සෝල් කාර්යාල සහ ඒවායේ රාජකාරි කරන නිලධාරීන්ගේ ආරක්ෂාව වෙනුවෙන්, ඔත්තු නිරීක්ෂණ කටයුතු සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා යොදා ගැනීමට ඇමෙරිකා රජය ගත් තීරණයකට ඉරාක බලධාරීන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වෙමින් පවතී. මේ බව අනාවරණය කර තිබෙන්නේ ඇමෙරිකාවේ ‘නිව්යෝක් ටයිම්ස්’ පුවත් සේවයයි. ඇමෙරිකා හමුදා පසුගිය දෙසැම්බර් මාසයේදී නිල වශයෙන් ඉරාකයේ සංග‍්‍රාම මෙහෙයුම් අවසන් කර පිටවී ගියේය. මේ වනවිට ඉරාකයේ ආරක්ෂක කටයුතු පැවැරී ඇත්තේ එරට ආරක්ෂක අංශවලටය. ඔවුන් පවසා සිටින්නේ ඩ්‍රෝන යානා යොදා ගනිමින් ඔත්තු නිරීක්ෂණ කටයුතු කිරීමට ඇමෙරිකාවට අවසර ලබා නොදෙන බවය.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd