ඇෆ්ගන් අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පාකිස්තානයට පැමිණීමට නියමිත ඇමෙරිකා විශේෂ නියෝජිතයා නොපිළිගැනීමට පාකිස්තාන රජය පෙරේදා (18) තීරණය කළේය. ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුවේ විශේෂ නියෝජිත මාක් ග්‍රොස්මන් පිළිගැනීමට පාකිස්තාන රජය අකමැත්ත පළ කළේ ඇමෙරිකාව සමඟ ඇති සම්බන්ධතා පළුඳු වී ඇති නිසාය. ඇමෙරිකා/පාකිස්තාන හොඳහිත පළුඳු වූයේ ඉකුත් වසරේ නොවැම්බර් 26 වැනිදා ඇමෙරිකන් හමුදා ප‍්‍රහාරයකින් පාකිස්තාන සෙබළුන් 24 දෙනකු ජීවිතක්ෂයට පත්වීමෙන් පසුවය. පාකිස්තානය හරහා ඇමෙරිකා හමුදා ඇෆ්ගනිස්තානයේ ඔවුන්ගේ සෙබළුන්ට අවශ්‍ය බඩු බාහිරාදිය ගෙන යන සැපැයුම් මාර්ග වසා දැමීමට ද එම අවස්ථාවේදී පාකිස්තාන රජය තීරණය කළේය. එම සැපැයුම් මාර්ග තවමත් විවෘත කර නැත. පාකිස්තාන රජය විරෝධය පළ කළ හෙයින් ග්‍රොස්මන් අද (20) ඉන්දියාවට පැමිණීමට නියමිතය. ඔහු පාකිස්තානයට යෑමට සූදානම් වූයේ ඇෆ්ගන් අර්බුදය ගැන සාකච්ඡා කිරීමටය. ඇමෙරිකා හමුදා 2014 දී හමුදා මෙහෙයුම් අවසන් කර ඇෆ්ගනිස්තානයෙන් පිටවී යෑමට නියමිත අතර ඉන්පසු ඇෆ්ගන් රජයට සහාය දීමට අසල්වැසි රටවල් යොමු කිරීමට ඇමෙරිකාව සූදානම් වේ. ඇෆ්ගනිස්තානයේ සමීපතම අසල්වැසියා වන්නේ පාකිස්තානයයි. එහෙත් ඇමෙරිකාව සමඟ පවතින මතභේද නිසා ඇෆ්ගන්/පාකිස්තාන සබඳතා ද දෙදරීමකට ලක් වී ඇත. පාකිස්තාන රජයේ සහාය ලබන ඉස්ලාමීය සටන්කාමීන් ඇෆ්ගන් සටන්කාමීන් සමඟ එක්වී ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිදුරකන්නේ යැයි ඇෆ්ගනිස්තානය චෝදනා කර ඇත. ඉන්දියාවේ නවදිල්ලි අගනුවරට පැමිණ ඉන්දීය අගමැති මන්මෝහන් සිං ඇතුළු රාජ්‍ය නායකයන් හමුවීමෙන් අනතුරුව, ග්‍රොස්මන් ඇෆ්ගනිස්තානය බලා පිටත්වීමට නියමිතය. ඉන්පසු ඔහු කටාර් රාජ්‍යයට, සෞදි අරාබියට, තුර්කියට සහ අරාබි එමීර් රාජ්‍යයට ද ගොස් ඇෆ්ගන් අර්බුදය ගැන සාකච්ඡා කිරීමට නියමිතය
2025 දෙසැම්බර් මස 18
205
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
167
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඇමෙරිකන් නියෝජිතයා පිළිගැනීම පාකිස්තාන රජය ප‍්‍රතික්ෂේප කරයි