IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඇමෙරිකා යුද නැව හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා යාත‍්‍රා කරයි

ඇමෙරිකා නාවික හමුදාවට අයත් අති දැවැන්ත ‘ඒබ‍්‍රහම් ලින්කන්’ යුද නැව පෙරේදා (22) කිසිදු බාධාවකින් තොරව, ඉරානය අසල පිහිටි හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා යාත‍්‍රා කොට අරාබි ගල්ෆ් මුහුදට පිවිසියාය. ඇමෙරිකාව සිතා සිටියේ යුද නැවට එරෙහිව ඉරාන නාවික හමුදාව වහා කි‍්‍රයාත්මක වනු ඇති බවය. එසේ කි‍්‍රයාත්මක වුවහොත් ඉරාන නාවික හමුදාව සමඟ ගැටුමක් ඇති කර ගැනීමට තමන් සූදානමින් සිටි බව ද ඇමෙරිකාව පැවැසීය. කිසිදු බාධාවකින් තොරව හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා යාත‍්‍රා කළ එම යුද නෞකාව තවත් ඇමෙරිකා යුද නෞකාවක් වන ජෝන් සී. ස්ටේන් යුද නෞකාව සමඟ මේ වනවිට අරාබි මුහුදේ රැුඳී සිටින බව ද වාර්තා වේ. ලෝකයේ ප‍්‍රධාන තෙල් සැපැයුම් මාර්ගයක් වන්නේ  හෝමූස් සමුද්‍ර සන්ධියයි. ඉරානය ඉකුත් දෙසැම්බර් 25 වැනිදා සිට දින 10 ක් තිස්සේ නාවික අභ්‍යාසයක් පැවැත්වූයේ ද එම සමුද්‍ර සන්ධියේය. එම නාවික අභ්‍යාසය පැවැත්වීමේ අරමුණ වුණේ ලෝක තෙල් සැපැයුම්වලට බාධා කරමින් හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරානයට හැකි යැයි පෙන්වීමටය. ඇමෙරිකා යුද නැව් ඉරානය අසල මුහුදු සීමාවේ ගැවසෙන්නේ ඉරානය කුපිත කරවා ප‍්‍රහාරයක් එල්ල කරන තැනට වැඩ සිද්ධ කිරීමට යැයි යුද විශ්ලේෂකයෝ පෙන්වා දෙති. හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරානය පොළඹවා නොගැනීමට ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවලට ඉඩක් ලබා නොදෙන මෙන් ඉරාන රජය මැදපෙරදිග රටවලින් ඉල්ලීමක් කර ඇත. පරමාණු බෝම්බ නිපදවන බවට ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල් දිගින් දිගටම ඉරානයට සම්බාධක පැනවුවහොත් අකමැත්තෙන් වුවත් හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට තමන්ට සිදුවනු ඇතැයි ඉරානය අනතුරු අඟවා තිබේ. අරාබි කලාපයේ සාමය පවතිනවා දැකීම ඉරානයේ ද අරමුණ යැයි ඉරානය වැඩි දුරටත් කියා සිටියි. ඉරානයේ අසල්වැසියන් වන අරාබි රටවල සහාය ඉරානයට අවශ්‍ය බව ද විදේශ ඇමැතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය. මැදපෙරදිග රටවල තෙල් අපනයන කටයුතු සිදුවන්නේ හෝමූස් සමුද්‍ර සන්ධිය ඔස්සේය. ඒබ‍්‍රහම් ලින්කන් යුද නෞකාව



අදහස් (0)

ඇමෙරිකා යුද නැව හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා යාත‍්‍රා කරයි

ඉලංකා Thursday, 26 January 2012 12:23 AM

බඩුත් හාමුදුරුවන්ගෙ, නඩුත් හාමුදුරුවන්ගෙ

:       0       0

සංජය Thursday, 26 January 2012 01:18 AM

අපි ඕවට බය නෑ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 149 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 148 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 952 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site