IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඇමෙරිකා මන්තී‍්‍රවරුන්ට මරණ තර්ජන ලියුම් ලැබිලා

ඇමෙරිකාවේ කොංග‍්‍රස් (පාර්ලිමේන්තු) මන්තී‍්‍රවරුන් තිදෙනකුට මරණ තර්ජන එල්ල කරමින් පෙරේදා (22) ඔවුන්ට ලිපි තුනක් ලැබුණු අතර ලියුම් කවර තුළ කුඩු වර්ගයක් ද තිබීම නිසා මහා කලබගෑනියක් හට ගැනිණි. නිර්ණාමිකව එවා තිබුණු එම ලිපි තැපැල් කර තිබුණේ ඔරිගන් ප‍්‍රාන්තයෙන් බව තැපැල් මුද්‍රාවෙන් සනාථ වී ඇතැයි සිද්ධිය ගැන පරීක්ෂණ පවත්වන එෆ්.බී.අයි. පරීක්ෂකයෝ ප‍්‍රකාශ කරති. ලියුම්වල සඳහන් ව තිබුණේ සියලූම කොංග‍්‍රස් මන්තී‍්‍රවරුන්ට මෙවැනි ලිපි යවා ඇති බවත් ඒවායේ විස කුඩු වර්ගයක් තිබෙන බවත්ය. කෙසේ නමුත් කුඩු තිබුණේ මන්තී‍්‍රවරුන් තිදෙනකුට යැවූ ලියුම් කවර තුළ පමණි. ලිපි ලැබීමත් සමඟ ආරක්ෂක අංශ වහා කි‍්‍රයාත්මක වූ අතර ලියුම් කවරත් මන්තී‍්‍රවරු තිදෙනාත් විශේෂ පරීක්ෂාවට ලක් කැරුණහ. කුඩු වර්ගය ඇන්ත‍්‍රැක්ස් හෝ වෙනත් විෂ රසායන ද්‍රව්‍යයක් හෝ නොවන බව එම පරීක්ෂණවලදී හෙළි විය. මේ අතර ඇමෙරිකා මහජන නියෝජිත මන්තී‍්‍ර මණ්ඩලයේ කතා නායක මෙන්ම රිපබ්ලිකන් පාක්ෂිකයකු ද වන ජෝන් බූනේගේ නමට ඔහු උපන් ඔහියෝ ප‍්‍රාන්තයේ තැපැල්හලට ද මෙවැනි ලියුමක් ලැබී තිබුණු ආරක්ෂක අංශ පවසයි. සිද්ධිය ගැන පුළුල් පරීක්ෂණයක් පවත්වන බව ඇමෙරිකාවේ එෆ්.බී.අයි. පරීක්ෂකයෝ පවසති. ඔවුන් පවසන්නේ මෙම ලිපි කොංග‍්‍රස් මන්තී‍්‍රවරුන්ට එවා ඇත්තේ කිසියම් දුෂ්ට අරමුණකින් බවය.



අදහස් (0)

ඇමෙරිකා මන්තී‍්‍රවරුන්ට මරණ තර්ජන ලියුම් ලැබිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 165 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 151 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 958 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site