
ඇමෙරිකා එක්සත් ජනාධිපති ජෝ බයිඩන් ට කොවිඩ්-19 වයිරසය අසාදනය වී ඇතැයි ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
79 හැවිරිදි බයිඩන් ට කොවිඩ් වයිරසය ආසාදනය වුවත්, දරුණු රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන බව ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් සදහන් වෙයි.
ජනාධිපති බයිඩන් ප්‍රධාන කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා දෙක සහ බූස්ටර් එන්නත් මාත්‍රා දෙකම ලබා ගෙන ඇති බව ද ධවල මන්දිරය වැඩි දුරටත් පවසා තිබේ.
ජනාධිපතිවරයා ධවල මන්දිරයේ නිරෝධායනය වන අතර රාජකාරි කටයුතු සාමාන්‍ය පරිදි සිදුකරන බව ධවල මන්දිර ප්‍රකාශිකා කැරින් ජීන් පියෙර් පැහැදිලි කර තිබේ.
ජනාධිපති ජෝ බයිඩන් කොවිඩ් රෝගය සඳහා ප්‍රතිවෛරස් ඖෂධයක් වන පැක්ස්ලොවිඩ් ලබා ගන්නා බව ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් සදහන් වී ඇත.
(සී.එන්.එන්.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd