ඇඳුම රෝගය නිට්ටාවට සුවවන්නේයැයි සහතිකය ඇතිව රෝගීන්ට පණ පිටින් මාළුවකු ගිල්ලවන අපූරු වෛද්‍ය ක‍්‍රමයක් ඉන්දියාවේ හයිද්‍රාබාද්හි ඇත.
හයිද්‍රාබාද්හි පැරණි පවුලක් වන බත්නි ගූඞ් පවුලේ සාමාජිකයෝ සිදුකරන මෙම ප‍්‍රතිකාර ක‍්‍රමය පරම්පරාගතව පැවැත එන්නක් බව කියති.
රෝගියාට ගිල්වීමට ප‍්‍රථමයෙන් මාළුවා මත රහසිගත ඖෂධ වට්ටෝරුවක් අනුසාරයෙන් තැනූ තැවරුමක් ආලේප කරන අතර වට්ටෝරුවේ ඇත්තේ මොනවාදැයි දන්නේ බත්නි ගූඞ් පවුලේ සාමාජිකයන්ම පමණක් බව සදහන්ය.
ගිල්ලවන මාළුවා සාර්ඩින් ගණයට අයත් කුඩා මත්ස්‍යයෙකි.
ප‍්‍රතිකාරය ලබාදෙන්නේ වසරකට එක්වරක් පමණි.ඒ සදහා මුදල් අය නොකැරේ.
ප‍්‍රතිකාර දෙන කාලය එළැඹෙත්ම හයිද්‍රාබාද් නගරය වෙත ඇදුම රෝගීන් පැමිණෙන්නේ ලක්ෂ ගණනිනි.
ඇස් වල කදුළු පුරවාගෙන,නැහැය වසාගෙන ඔවුහු මහත් අපහසුවෙන් පණ පිටින් මාලූ ගිලති.ප‍්‍රතිකාරය අවුරුදු 3 ක් නොකඩවා ලබාගතහොත් ඇදුම රෝගය නිට්ටාවටම සුවවනු ඇතැයි ඔවුන්ට උපදෙස් ලැබේ.
බත්නි ගූඞ් පවුලේ සාමාජිකයින් පවසන ආකාරයට පණ පිටින් ගිලින මාලූවාගේ දැගලීම ඇදුම රෝගයට හේතු වන ස්වසන මාර්ගයේ ඇති අවහිරතා මගහරවාලන අතර මාලූවා මත තවරා ඇති රහසිගත ආලේපනය ස්වසන පද්දතිය ආශි‍්‍රත වෙනයම් රෝගයක් වේ නම් එයද සුවපත් කිරීමේ සමත්ය.
කෙසේනමුත් වෛද්‍යවරු හා සත්ත්ව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින සංවිධානයන් මේ ප‍්‍රතිකාරය සම්බන්ධයෙන් එකහෙළා විරෝධතාවය පළ කරන්නෝය.කිසිදු අරුතක් නොමැති හා අනතුරුදායක දෙයක් ලෙස ඔවුහු එය හදුන්වාදෙන්නෝය.
නමුත් ඔවුන්ගේ විරෝධතා වලින් වෙනසක් ඇති නොවන බවක් පෙනෙන්නේ ප‍්‍රතිකාර ලබා දෙන සමය එළැඹෙන විට ඉන්දියා රජය මැදිහත්වී රෝගීන්ට හයිද්‍රාබාද් වෙත ප‍්‍රවාහන පහසුකම්ද සළසා දෙන නිසාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමත් ඉන්දියාවේ ඉන්නේ රට හරක් රැලක් ඇති මාලුවෙක් ගිලින්න දීල නතර උනා කොහොමද බල්ලෙක් පුසෙකි එහෙම ගිලින්න උනානම් මේ ඉන්දියාවේ තියන මෝඩ ඇදහිලි ක්‍රම ලෝකෙට කියනවා අපි දියුණුයි කියල තාම ගල් යුගෙනුත් එහා ජනතව (අ) ennawa
ෂෙහාන් ඉන්දියාවේ විතරක් නෙවේ ලංකාවේත් ඔය ඕන තරම් දේවාල ගානෙ යන්නේ. මෝඩ ඇදහිලි මෙහෙත් තියෙනවා. (ස)
අවංකවම මම නම් ඔය මිනිස්සුන්ගේ රටේ හදන දෙයක්වත් ගන්නේ නැහැ (නි)
ඉතින් ගිලින මාළුවා ස්වසන මාර්ගය දිගේ නෙමෙයිනේ යන්නේ,ආහාර මාර්ගය දිගේනේ (නි)
පාරම්පරික ඇදහිලි ක්‍රම මෙන්ම පාරම්පරික වේද ක්‍රමත් ඉන්දියාවේ බහුලයි (නදී)
මේ වගේ අය අද ලෝකයේ ඕනෑතරම්.... (නි)
පිස්සු නැතිනම් හොඳයි (නදී)
මෙහෙමත් වැඩ! (නි)
අනේ මෙහෙමත් වැඩ! (නි)
ඔය මාළුවා ස්වසන මාර්ගය දිගේම යැව්වා නම් ආයේ කිසිම ලෙඩක් හැදෙන්නේ නැහැ. (නදී)