ඇන්ටාක්ටිකාවේ කලාප රැසක පෙන්ගුවීන් සහ මුහුදු ලිහිණියන් අතරේ H5N1 කුරුලු උණ ව්‍යාප්ත වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

H5N1 වයිරසය ඇන්ටාක්ටිකාව පුරා ව්‍යාප්ත වීමේ අවදානමක් මතුවී ඇති බවට බියක් ද පැතිරේ. විද්‍යාඥයන් පවසන්නේ ඔවුන් මේ සම්බන්ධයෙන් විමසිල්ලෙන් පසුවන බවය.

කුරුලු උණ යනු කුරුල්ලන් අතරේ ව්‍යාප්ත වන වයිරසයකි. එය මනුෂ්‍යයන්ට ආසාදනය වී මනුෂ්‍යයන් අතරේ ව්‍යාප්ත වුවහොත් එය මාරක වෙයි.