
2023 වසරේ, ආසියාවේ ජනප්‍රියතම පුද්ගලයන්ගේ ලැයිස්තුවේ, අංක එක ස්ථානයේ සිටින්නේ බොලිවුඞ් සුපිරි නළු ෂාරුක් ඛාන් බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ආසියාවේ ජනප්‍රිය පුද්ගලයන්ගේ ලැයිස්තුව සකස් කර ඇත්තේ මහා බි්‍රතාන්‍යයේ ‘ඊස්ටර්න් අයි’ පුවත්පතය. සිනමාව, රූපවාහිනිය, සංගීතය, සාහිත්‍ය, කලාව සහ සමාජ මාධ්‍ය ඔස්සේ කැපී පෙනෙන මෙහෙවරක් කළ සහ ජනප්‍රියක්වයට පත්වුණු පුද්ගලයන් මෙම ලැයිස්තුවට ඇතුළත්ය.
බොලිවුඞ් සුපිරි නළු ෂාරුක් ඛාන්ගේ චිත්‍රපට දෙකක් වන ‘පඨාන්‘ සහ ‘ජවාන්’ මෙම 2023 වසරේ තිරගත වූයේ බොක්ස් ඔෆිස් වාර්තා පිහිටුවමිනි. ෂාරුක් ප්‍රධාන චරිතය නිරූපණය කරන තවත් චිත්‍රපටයක් වන ‘ඩුන්කි’ ලබන දෙසැම්බර් 21 වැනිදා සිට තිරගත වෙයි.
‘ඊස්ටර්න් අයි’ පුවත්පත සකස් කළ ආසියාවේ ජනප්‍රිය පුස්ගලයන්ගේ ලැයිස්තුවේ දෙවැනි සහ තෙවැනි ස්ථානවල පසුවන්නේ ආලියා භාත් සහ ප්‍රියන්කා චොප්රාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිං ජනාධිපති හා රාජපක්ෂ හැතිකරේ සමග කාලකන්ණි අපතයින් 225ට, ආසියාවේ ජනප්‍රියතම පුද්ගලයන්ගේ ලැයිස්තුවේ තැනක් ඇත්තේම නැද්ද?
ලංකාවේත් ඉන්නවා ආසියාවේ ආශ්චර්යය ලෝකෙටම පෙන්වපු කෙනෙක්...!