
‘ආටිමිස් 2’ මෙහෙයුම යටතේ, ‘ඔරායන්’ චන්ද්‍ර යානය, සඳ වටා ගොස් සිය මෙහෙයුමෙන් අඩක් අවසන් කර යළි පෘථිවිය බලා ආපසු පැමිණීමේ ගමන ආරම්භ කළ බවත්, චන්ද්‍ර යානය ලබන 10 වැනිදා පෘථිවිය බලා පැමිණෙනු ඇති බවත් ඇමෙරිකාවේ නාසා ආයතනය කියයි.
යානයේ ගගනගානාමීන් සිවු දෙනකු සිටින අතර, රීඩ් වයිස්මන්, වික්ටර් ග්ලෝවර්, ක්‍රිස්ටිනා කොක් සහ ජෙරමි හැන්සන්ය යනු ඔවුන් සිවු දෙනාය. රීඩ් වයිස්මන්, වික්ටර් ග්ලෝවර්, ක්‍රිස්ටිනා කොක් ඇමෙරිකාවේ නාසා ගගනගාමීන් වන අතර, ජෙරමි හැන්සන් කැනේඩියානු ගගනගාමියෙකි.
නාසා චන්ද්‍ර යානය, සඳ වටා ගියේ ද වාර්තා රැසක් පිහිටුවමිණි. ‘ඔරායන්’ යානය සඳ වටා ගියේ සඳේ ඈත කක්ෂයක ආධාරයෙනි. ඒ අනුව, ගගනගාමීන් රැගත් පෘථිවි යානයක් පෘථිවියෙන් ඔබ්බට ගොස් අභ්‍යවකාශයේ වැඩිම දුරක් ගමන් කළ පළමු අවස්ථාව මෙය විය.
මීට 50 වසරකට පමණ පෙර ‘ඇපලෝ’ මෙහෙයුම් යටතේ ද සඳ ගගනගාමීහු සඳ වටා ගොස් ආපසු පැමිණියහ. පළමුවෙන් ගගනගාමීන් තිදෙනකු සඳ වටා ගොස් ආපසු පැමිණියේ 1968 වසරේ ‘ඇපලෝ 8’ මෙහෙයුම යටතේය. ‘ඇපලෝ 11’ මෙහෙයුම යටතේ නාසා ගගනගාමීන් පළමුවෙන් සඳට පය තැබුවේ ඉන් අනතුරුවය.
‘ඇපලෝ 8’ මෙන් ‘ආටිමිස් 2’ ද පුහුණු මෙහෙයුමකි. ගගනගාමීන් සඳට පය තැබීම සිදුවනු ඇත්තේ ‘ආටිමිස් 3’ මෙහෙයුම යටතේය. එම මෙහෙයුම සිදුවනු ඇත්තේ 2035 වසරෙන් පසුවය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd