අවුරුදු 40 කට වැඩි කාලයක් තම පුතා කූඩුවක දමා හිර කර ගෙන ඇති මවක් චීනයේ හෙනාන් ප‍්‍රාන්තයේ සිටියි. ඇය පෙන්ග් වෙයිමෙයි නැමත්තියකි. ඇයගේ පුතු පෙන්ග් වෙයිකින් (48)වේ.
ඔහුට අවුරුදු 6 වනවාත් සමගම ඉතා දරුණු උණක් සෑදුණි. එයින් ඔහුගේ මොළයට හානි සිදු විය. පසුව ඔහු කරන කියන සෑම දෙයක්ම වෙනස් විය. තමා පාලනය කර ගැනීමට හැකියාවක් නොවීය. ඔහු සුළු නිදහසක් හෝ ලද විට එය බරපතල තුවාලයක් කර ගැනීමට ඔහු අවස්ථාවක් කර ගත්තේය.
මේ නිසා වෙයිමෙයි සහ ඔහුගේ ස්වාමිපුරුෂයා වෙයිකින් කූඩුවක දමා ආරක්ෂා කරන්නට වුහආහාර පාන පමණක් නොව ඔහුගේ ශරීර කාර්යයන් පවා සිදු වන්නේ මෙම කූඩුවේය. වයසින් වැඩි වන විට ඔහුට අවශ්‍ය පරිදි කූඩුව විශාල කරන ලදි.
මව අඳුරන නමුත් ‘අම්මා’ යන්නෙහි තේරුමවත් ඔහු නොදනියි. ඇය ජීවත් වන තුරු වෙයිකින්ව රැක ගත්තත් ඇය නැති කලක තම පුතාට සිදු වන දෙය මතක් වන විට බය සිතෙන බව වෙයිමෙයි අඬමින් සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආදරයේ උල්පත වූ අම්මා ඔබ මතු බුදුවන දවසේ මා රාහුල කුමරුන් සේ සෙවන පතා එන්නෙමි සුලගිල්ලේ එල්ලී (අ)
ළමයා ගැන තව හිතලා සමාජයට හුරු කරවන්න බැලුවේ නැද්ද? (නදී)
අම්මේ නුඹේ ඇස් පිය උන කාලෙක කව්රුද මට පැන් උගුරක් දෙන්නේ අම්මේ නුඹ ලොව නැති උන කාලෙක කවුරුද මගේ දුක සැප විමසන්නේ..../(ගුණදාස කපුගේ ) .(නදී)
ඉන්දු මාත් ඔය එක්ක එකඟයි. ඔයා පන්සල් ගියාම කරණිය මෙත්ත සුත්‍රය කියවල මේ දරුවට ආශිර්වාද කරන්න.(නදී)
වෙහෙරක් වගේ පින් දුන් කෙනෙක් දෙවොලක් වගේ දුක් ඇහු කෙනෙක් කුඹුරක් වගේ බත් දුන් කෙනෙක් වේ නම් ලොවේ නුඹයි අපෙ අම්මේ... සයුරක් වගේ කිරි දුන් කෙනෙක් වෙරළක් වගේ පණ දුන් කෙනෙක් ඔරුවක් වගේ අත දුන් කෙනෙක් වේ නම් ලොවේ නුඹයි අපෙ අම්මේ... කඳුලක් වෙලා දුක් වූ කෙනෙක් පියුමක් වෙලා තුටු වූ කෙනෙක් ගඟුලක් වෙලා පැන් දුන් කෙනෙක් වේ නම් ලොවේ නුඹයි අපෙ අම්මේ... පද: පූජ්‍ය රඹුක්කන සිද්ධාර්ථ හිමි.(නදී)
මුදු මල් කැකුලක් අකලට පිපිලා ගසකට වෙයිද බරක් දරුමල් කැකුලක් මෑණියනේ සිතකට වෙයිද බරක්.(නදී)
සසරේ හැටි ඔහොම තමයි.(නදී)
අම්මේ ඔබට දීර්ඝායුෂ ලැබේවා! (නදී)
මිහි මඬලේ අඳුරු කුසේ දිය උල්පත අම්මා. අහස් ගඟෙන් මරු කතරට වහින වැස්ස අම්මා.(නදී)
පිංතුරේ මා දකින්නේ මවකගේ සෙනෙහස පමණි. 48 වසරක් රැකුණු එය අතිශය ආනන්ද ජනකයි.(නදී0
මව් සෙනෙහසට සමකල හැකි තවත් සෙනෙහසක් ලොව කොහිද? (නදී)
නෙතට කඳුලු එනවා බැලුවම (අ)
ඔබට නිවන් සුව ලැබේවා අම්මේ.(නදී)
උනහපුලු පැටියෙක් උනත් උගේ අම්මට වටිනවාලු. (නදී)
මේ අම්ම ගැන දුකයි. ඒත් මට හිතෙනවා, ඒ රෝග තත්වයෙන් පසු දරුවා පුනරුත්ථාපනය කර ස්වාධීන අයකු බවට පත් කිරීමේ යුතුකම මගහැරී තිබෙනවා නොදැනුවත් කම නිසා සහ අසීමිත ආදරය නිසා. ඔබ දෙදෙනාටම කිසිඳු දුකක් නොවේවා ! (නදී)
මහේෂ් ඒ අම්ම තවම ඉන්නවා .(අ)