ආගම දහමට ඇති නැඹුරුව මිනිස් මොළයේ වර්ධනයට බෙහෙවින් උපකාරවන බව ඇමෙරිකාවේ කරන ලද පරීක්ෂණයකින් තහවුරු වී තිබේ.
මානසික පීඩනයක් සහිත ඉතිහාසයක් ඇති පුද්ගලයන් ආගමට දහමට නැඹුරු කිරීමෙන් මොළයේ සැළකිය යුතු වර්ධනයක් සිදුව ඇතැයි ද එම පර්යේෂකයෝ පවසති.
කොලොම්බියා විශ්වවිද්‍යාලයේ මනෝ විද්‍යාව සම්බන්ධ මහාචාර්ය මර්නා විස්මන් පවසන්නේ මිනිසාගේ විශ්වාසයන් හා හැසිරීම් මොළය අභ්‍යන්තරයේ පරාවර්ථනය වන බවයි. එය නවීන තාක්ෂණයෙන් හ දුනාගත හැකි බවත් පර්යේෂකයන් පෙන්වාදෙයි.
මොළය යනු මිනිස් සිරුරේ අතිවිශේෂිත ම වූ අවයවයකි. එමගින් සිරුර පමණක් නොව අපගේ හැසිරීම් ද පාලනය කරයි. මොළයේ වර්ධනය හා අධ්‍යාත්මිකතාව අතර සම්බන්ධය පුදුම සහගතයැයි මහාචාර්ය විස්මන් පවසයි.
මිනිසුන් ආගමට නැඹුරුවීම මොළයේ වර්ධනයට යහපත් බවත් මානසික පීඩනය අවම කිරීමට එය හේතුවක් වන බවත් පර්යෝෂකයෝ පෙන්වාදෙති.
පර්යේෂකයන් පවසන්නේ ආගමට හා අධ්‍යාත්මකි දේ වෙනුවෙන් යොමු වූවන්ට වඩා එලෙස යොමු නොවූවන්ගේ මොළයේ බාහිකයේ ඝනකම අඩු බවයි. මේ පර්යේෂණය සදහා අවුරුදු 18 සිට 54 දක්වා වයසේ පසුවන වැඩිහිටියන් 103 දෙනකු යොදාගෙන ඇත.
පර්යේෂණයට සහභාගී වූ සියළු දෙනා මින් ඉහත මානසික පීඩනයකින් පෙළුණු අයගේ දරුවන් හෝ මුණුපුරු මිනිපිරියන් වීම ද විශේෂත්වයකි. ඔවුන්ගේ ආගමික නැඹුරුව ගැන දෙවරක් ප්‍රශ්න කරමින් සමීක්ෂණය පැවැත්වූ පර්යේෂකයන් අනතුරුව මොළයේ බාහිකයේ ඝනකම ද මැන බැලූහ. ඒ අනුව ඉහත ප්‍රතිඵල ප්‍රකාශයට පත්කැර ඇත.
උතුරු කැරොලිනා හි ඩියුක් විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යාව සම්බන්ධ මහාචාර්ය ඩෑන් බ්ලේසර් පවසන්නේ මේ අධ්‍යයනය ඉතා සිත්ගන්නා සුළු දෙයක් වුවත් එය තවදුරටත් ගවේෂණය කළ යුතු බවයි. ඔහු පවසන්නේ මොළයේ බාහිකය පමණක් නොව වෙනත් ප්‍රදේශ ද ආගම හා අධ්‍යාත්මය සම්බන්ධ බවයි. එමෙන්ම ඒ සදහා සමාජ ආර්ථික තත්ත්වය ද සම්බන්ධ විය හැකියැයි හෙතෙම පෙන්වාදෙයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුදුදහම තව තවත් තහවුරු වෙනවට සමහර අයට දුකයි වගේ. (නදී)
සාරංග, භාවනාව ගැන දන්නවද?(දිල්)
මට කියන්න මොකුත් නැහැ මහත්තයෝ ඇත්තමයි (දී)
ආගම තුලින් මිනිසා සම්පුර්ණ කරයි (දී)
ආගම තුලින් මිනිසුන් වෙනස් කරනවා (දී)
අපිත් පිලි ගන්නවා (දී)
"ඇයි බමුණු පර්යේෂණයට සම්බන්ධ කරගෙන තියෙන්නේ බෞද්ධ ආගම අදහන අය විතරයි කියලා සදහන් වෙලා තියෙනවද? (නදී)
ලක්සිරි මේ පර්යේෂණයට යොදා ගත් අය සියලුම දෙනා බෞද්ධයෝ විය යුතුයි.(නදී)
සහතික ඇත්ත (දී)
සාරංග, ඔය බුද්ධාගම දන්නේ නැතුව ඇති. බුදු දහම සම්පුර්ණයෙන්ම පදනම් වෙලා තියෙන්නේ සිත නැතිනම් සිත ක්‍රියාත්මක කරන මොලය මතයි. (නදී)
එතකොට අයින්ස්ටයින් යන දාර්ශනිකයා දෙවියන් ගැන සංකල්පය ඉදිරිපත් කරපු හැටි කියන්න.(නදී)
ඒ කියන්නේ ආගමක් අදහන්නේ නැති මිනිස්සුන්ගේ මොලය වර්ධනය බින්දුවයි කියලාද (දී)
ඒ කතාව අපිට පිලි ගන්න සිද්ද වනවා (දී)
ලංකා, ආගම මොලය වර්ධනය කරනවා. වර්දනය වෙන්න බිංදුවේම තියෙන්න ඕනේ නැහැ. (නදී)
මොන ආගමේ වුවත් මනුෂ්‍යාට කියාදෙන්නේ මනස ක්‍රියාව ආකල්ප හැගීම් දැනීම් මේ හැම දේම යහපත් කරවන්න මිසක වැරදි දේ කරන්න නෙමේන. ඒ අතින් මොලය වර්ධනය වෙනවා මිසක් පිරිහීමක් වෙන්නේ නැහැ. ඒකට ආගම් බේදයක් නැහැ.(නදී)
සියලුම ආගම් වලින් මොළය දියුණුවෙනවා කියල පිළිගන්න බැහැ. අප විසින් තේරුම් ගත යුත්තේ ආගම් අදහන්නන් වාලේ අදහන අය නොව අදහන දහම තුලින් විමුක්තියක් ලබාගන්න උත්සාහ කරන අයගේ බුද්ධි වර්ධනයයි.(නදී)
හොඳම ඔසුව බෞද්ධාගම.(දිල්)
100% විශ්වාසද, මටනම් විශ්වාස නැහැ (දී)
භාවනාවවෙන් සිත සන්සුන් කර ගැනීම සියලුම රෝග වලට ඖෂදයක් බව එදා බුදුවරු, ඉසිවරු පෙන්නා දුන්නා.(නදී)
අවංකවම මේ කාරණේ ඇත්ත. මම කියන්නෙත් අත්දැකීමෙන්. අපි අදහන ආගම හරියට තේරුම් අරන් ඒ අනුව අපට ඇතිවන ගැටළු ගැන ආගමේ එන කර්මය හෝ දෙවියන්ගේ ආශිර්වාදය හිතන කොට ගැටලුවේ යතාර්ථය අවබෝද වෙනවා. ඕනෑම ප්‍රශ්නයකට මුහුණ දෙන්න තරම් ආත්ම ශක්තියක් ඇතිවෙනවා. ඒ වගේම ජිවිතයේ යතාර්ථය පෙනෙනවා. මානසිකව නිතරම සැහැල්ලුවක් දැනෙනවා. (නදී)
හොඳම ඔසුව බෞද්ධාගම. (නදී)
ඒත් එම ආගම සත්‍ය ආගමක් වෙන්න ඕනේ.(නදී)
ස්තුතියි ඒ ගැන දැනුම්වත් කළාට.(නදී)
ඕක දන්නේ දැන්ද ? වසර විසි දහසකට පෙරාතුව හින්දු දර්ශනයේත් වසර් දෙදහස් හය සීයකට පෙර බෞද්ධ දර්ශනයේත් පෙන්වා දුන් දේවල් නේ මේ ගොල්ලෝ දැන් හොයාගෙන තියෙන්නේ.(නදී)
අපි නම් ඕවා දැන ගෙන ගොඩක් කල්.(නදී)
අපට මේක දැනගන්න සැලැස්සුවේ දැනට අවුරුදු 2600 කට පෙර. උතුරු කැරොලිනා හි ඩියුක් විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යාව සම්බන්ධ මහාචාර්ය ඩෑන් බ්ලේසර් පවසන්නේ මේ අධ්‍යයනය ඉතා සිත්ගන්නා සුළු දෙයක් වුවත් එය තවදුරටත් ගවේෂණය කළ යුතු බවයි. (නදී)
මගේ මතය නම් එය බෞද්ධ ආගමම විය යුතු නැහැ. තමන් අදහන ඕනෑම ආගමකම කියන දේවල් සත්‍ය නම් ඒ ගැන මෙනෙහි කරන විට මොලය වර්ධනය වෙනවා.(නදී)
මනෝ පුබ්බංගමා ධම්මා. ඕක බුදුහාමුදුරුවෝ කලින්ම කියල තියෙනවා. (ත)
බුදුන් වහන්සේ දේශනා කළ පරිදි ශීලය, සමාදිය, වර්ධනය කරන තැනැත්තා තුල ප්‍රඥාව නුවණ වර්ධනය වේ.(නදී)
ආඩම්බර වෙලා වෑඩක් නැහැ. පිළිපෑදිමයි වෑදගත්. (ත)
අනේ මොන බොරුද (ත)
බුද්ධාගමේ මේ සියලු දේ මැනවින් පැහැදිලි කර ඇත. (ත)
බටහිර රටවල් විසින් සොයා ගන්නා දේ ඔවුන්ට අලුත් උවත් ඔවුන් සොයා ගන්නා සියලු දේ පිටුපස බෞද්ධ ධර්මයේ සත්‍යතාවය සැගවී ඇත.(නදී)
ලක්සිරි කොහෙද පැහැදිලි කරලා තියෙන්නේ කියන්නකෝ.(නදී)
බුද්දාගම ආගමක් නෙමෙයි ලක්සිරි දහමක්. එනිසා මේ සමග කිසිම ගැලපීමක් නැහැ.(නදී)
"මගේ මතය නම් එය බෞද්ධ ආගමම විය යුතු නැහැ. " මොලය වර්දනය කරන වෙන ආගම් මොනවද කියා පැහැදිලි කරන්න. (නදී)