IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


අවුරුදු දෙකක උපන් නිවුන්නු

ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ගැබිනි කාන්තාවක නිවුන්නු දරුවන් බිහි කළ අතර, දරු දෙදෙනා උපන් දිනය වසර දෙකකට යෙදීම සුවිශේෂී සිදුවීමක් විය.

නිවුන දරු දෙදෙනා පුතකු සහ දියණියකි. ඇල්ෆර්ඩෝ අන්තෝනියෝ ටෘජිලෝ නමැති ඔහු උපන්නේ 2021 වසර අවසන් වෙද්දී දෙසැම්බර් 31 වැනිදා රාත්‍රී 11.45 ටය.

දියණිය අයිලීන් යොලන්ඩා උපන්නේ, මැදියම් රැයේ දී එනම් 2022 නව වසර උදා වෙද්දී ජනවාරි පළමු වැනිදාය.

නිවුන් දරු දෙදෙනාගේ උපන් වසර වෙනස් වන්නේ ඒ අනුවය.

දරු දෙදෙනාගේ මව ෆාතිමා මැඩ්රිගාල් පවසන්නේ තම සිඟිත්තන් දෙදෙනාගේ උපන් දිනය අවුරුදු දෙකකට යෙදීම පුදුමයට කරුණක් බවය.

ඇගේ දියණිය 2022 වසර උදා වෙද්දී ඇමෙරිකාවේ රෝහලක උපත ලැබූ පළමු දරුවා ද වෙයි. ඒ ගැන ද තමන් අතිශය සතුටු වන බව ෆාතිමා පවසා තිබේ.

(බීබීසී)

 



අදහස් (1)

අවුරුදු දෙකක උපන් නිවුන්නු

SUNIL MILANO Wednesday, 05 January 2022 02:41 PM

බුදුසරණයි පුතේ නුඹලාට...

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 598 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2304 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1711 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site