
වසර 51,200 ක් පැරණි, ලෙන් චිත්‍රයක් ඉන්දුනීසියාවෙන් හමුවී ඇත.
පුරාවිද්‍යාඥ කණ්ඩායමකට මෙම චිත්‍රය හමුවි ඇත්තේ ඉන්දුනීසියාවට අයත් දකුණු සුලවේසී දූපතේ පෙංග්කෙප් පළාතේ වනාන්තරයේ පිහිටි හුණුගල් ලෙනකිනි.
මෙම ලෙන හැඳින්වෙන්නේ ‘ලියං කරම්පුඅං’ යනුවෙනි.
ලෙන් චිත්‍රයේ වයස නිර්ණය කිරීම සිදුවූයේ එය පරීක්ෂණවලට යොමු කරමිනි. කාලයාගේ ඇවෑමෙන් විනාශ වී ඇති ලෙන් චිත්‍රයේ මිනිස් රූපයක් සහ වල් ඌරකුගේ රූපයක් දකින්න ලැබෙයි.
මීට පෙර ද වසර දහස් ගණනක් පැරණි ලෙන් චිත්‍ර ඉන්දුනීසියාවේ වනාන්තරවලින් සොයා ගෙන ඇත.
කෙසේ නමුත් පුරා විද්‍යාඥයන් පවසන්නේ, ඔවුන්ට හමුවුණු පැරණිතම ලෙන් චිත්‍රය මෙය බවය.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක තමයි යථාර්ථය , ඒ කාලෙ මිනිහට තිබිය හැකි ලොකුම සම්පත් තමයි ඌරන් මුවන් වගේ ආහාරයට ගතහැකි වන සතුන්, අමතරව ගොලුබෙල්ලන්,තලගොයි, වගේ සතුන්. ඒකයි ඕව චිත්‍රයට නගල ඇත්තෙ.මනුෂ්‍ය ඉතිහාසය ගත්තම වසර පනස් දහස ලොකු කාලයක් නෙවෙයි , මිනිහ දැන් ඉන්න ශිෂ්ඨත්වයට පත්වෙලා වසර හයදාහක් ඇති, ඒක මනුෂ්‍ය ඉතිහාසය එක්ක ගත්තම අසුරු සැනක්. ආගමික විශ්වාස , පුනරුප්පතිය , දේව සංකල්ප සේරම ඔය වසර හයදාහ තුළ තමයි. එතකොට වැටහෙනව ඇති ආගමික විශ්වාස සහ, දෙවියන් සම්බන්ධ අපි කලබල විය යුතු නැති බව, විශේෂයෙන් කර්මය පුනරුප්පත්තිය, සේරම එක එක්කෙනාගෙ මනෝ ලෝකවලින් බිහිවෙච්ච අපගේ දියුණුවට බාධාවන සංකල්ප බව සියල්ලටම පෙනෙනු ඇත.මේ ජීවිතයෙදි හෘද සාක්ෂියට එකඟව විසීම තමයි කලයුත්තෙ.
එතකොට සෙනෙවිරත්නගේ දියුණුව වල් ඌරෝ මුවෝ දඩයම් කරං කන එකද?.
එහෙමනම් ලසන්ත දියුණුව කියන්නේ ආගමික විශ්වාස වල එන හැටියට කොන්ක්‍රීට් පිළිම, ගස් වන්දනාවද? අන්තර් ජාලයෙන් රාහුකාලය බලලා වැඩකරන එකද? ආගමික විශ්වාස තමයි අපේ පසුගාමිත්වයට ප්‍රධානම හේතුව...
ආගම මිනිසා ශීලාචාර කරයි. නමුත් ශීලාචාර වීමට ආගමක් අවශ්‍යම නොවේ. ලෝකයේ කිසිදු ආගමක් නොඅදහන ශීලාචාර මිනිසුන් ඕනෑතරම් මට හමුවී තිබේ. ඔවුන් නීතිගරුක, උගත්, සමාජය පිළිබඳ අවබෝධය ඇති, අනෙකාගේ සතුටින් ජීවත්වීමේ අයිතිය පිළිගන්නා ගුණවත් පුද්ගලයින් මිසක මස්වැද්දන් නොවේ. ගස්, පිළිම සංකේත පමණි.
අපේ මහා සම්මත මනු රජ මීට වඩා පරණයිලුනේ...