
ධවල මන්දිරයේ ඕවල් කාර්යාලයේ දී, මාධ්‍යවේදීන් පිරිවරාගෙන ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ අයර්ලන්ත අග්‍රාමාත්‍ය ටීෂර් මයිකල් අතරේ සාකච්ඡා පැවැත්වෙද්දී, ඇමෙරිකන් උප ජනාධිපති ජේ.ඩී. වැන්ස් ද ඊට සහභාගී වී සිටියේය.
මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් සිටි ඇමෙරිකන් ජනාධිපතිවරයාගේ අවධානය උප ජනාධිපති ජේ.ඩී. වැන්ස් පැලදි මේස් කුට්ටම වෙත යොමු වූයේ හදිසියේය.
'සමාවෙන්න. මගේ ඇස් අහකට ගන්න අමාරුයි. ඔබේ මේස් කුට්ටමට මගේ හිත ගියා. ඒවා හරිම ලස්සනයි.' යැයි ට්‍රම්ප් පැවැසුවේ, මාධ්‍යවේදීන්ගේත්, අයර්ලන්ත අග්‍රාමාත්‍යවරයාගේත් අවධානය ඊට යොමු කරමිනි.
මේස් කුට්ටම ෂම්රොක් පැලෑටියේ කොළවලින් හැඩ ගැන්විණි. ෂම්රොක් යනු අයර්ලන්තයේ සංකේතයයි. එමෙන්ම ශාන්ත පැට්‍රික් දිනය සැමරීමේ දී මෙම ෂම්රොක් පැළෑටියේ සංක්තය භාවිතයට ගනී.
'මම මේ මේස් පැලැදියේ අයර්ලන්ත අගමැතිතුමා වෙනුවෙන්' යැයි උප ජනාධිතිවරයා පැවැසුවේ කලිසම් කකුල් ඔසවා මේස් කුට්ටම හොදින් පෙනෙන්න සලස්වමිනි. එය රැස්ව සිටි සියලු දෙනාගේ සිනහවට ලක්වුණු සිද්ධියක් විය.
(Daily Mail)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෙන්නනවා. නෝන්ඩි කරවනවා. යවනවා.